IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මස්කෙළිය - සාමිමලේ නගර වසාදමයි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේවතුයායේ, ගඟේවත්ත කොටසේ  පදිංචිකරුවන් තිදෙනෙකු  කොවිඩ් 19 ආසාධිතයින් ලෙස තහවුරුවීමත් සමග   මස්කෙළිය හා සාමිමලේ යන නගර අද (27) ප.ව. 04.00 සිට  30 වැනිදා දක්වා  වසා තැබීමට තීරණයකට එළඹුණු බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය.
 
මස්කෙළිය හා සාමිමලේ යන නගරවල වෙළඳ සංගම් මස්කෙළිය ප්‍රාදේශිය සභාව වෙත අද දින ලිඛිතව ලබා දෙන ලද ඉල්ලීමකට සහාය දක්වමින් මෙම තීරණයට එළඹුණු බව එස්.රාජවීරන් මහතා කීය.
 
පෑළියගොඩ මත්ස්‍ය වෙළඳසලේ සේවයේ නියුතු  මස්කෙළිය, බුවුන්ලෝ තේ වතුයායේ පදිංචි පුද්ගලයෙකු,  ඔහුගේ බිරිඳ හා අසල්වැසියෙකු  කොවිඩි 19 වයිරසය වැළඳුන රෝගීන් බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් සනාථ වී ඇති බවට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
 
ආසාධිත යුවළ හා අසල්වැසියා ඇසුරු කළ මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ, ගඟේවත්ත කොටසේ පවුල් 23 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත  අද (27) ප.ව. 02.00 සිට  ඔවුන් පදිංචි නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
 
මෙම කොවිඩ් ආසාධිතයින් තිදෙනා දැනට වව්නියාව හා පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් පසුවෙති.



අදහස් (0)

මස්කෙළිය - සාමිමලේ නගර වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site