
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේවතුයායේ, ගඟේවත්ත කොටසේ පදිංචිකරුවන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාධිතයින් ලෙස තහවුරුවීමත් සමග මස්කෙළිය හා සාමිමලේ යන නගර අද (27) ප.ව. 04.00 සිට 30 වැනිදා දක්වා වසා තැබීමට තීරණයකට එළඹුණු බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය.
මස්කෙළිය හා සාමිමලේ යන නගරවල වෙළඳ සංගම් මස්කෙළිය ප්‍රාදේශිය සභාව වෙත අද දින ලිඛිතව ලබා දෙන ලද ඉල්ලීමකට සහාය දක්වමින් මෙම තීරණයට එළඹුණු බව එස්.රාජවීරන් මහතා කීය.
පෑළියගොඩ මත්ස්‍ය වෙළඳසලේ සේවයේ නියුතු මස්කෙළිය, බුවුන්ලෝ තේ වතුයායේ පදිංචි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ හා අසල්වැසියෙකු කොවිඩි 19 වයිරසය වැළඳුන රෝගීන් බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් සනාථ වී ඇති බවට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
ආසාධිත යුවළ හා අසල්වැසියා ඇසුරු කළ මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ, ගඟේවත්ත කොටසේ පවුල් 23 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත අද (27) ප.ව. 02.00 සිට ඔවුන් පදිංචි නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
මෙම කොවිඩ් ආසාධිතයින් තිදෙනා දැනට වව්නියාව හා පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd