(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශ වලට සංචරණ සීමාවන් පැනවිමට කටයුතු කර ඇතැයි කරන ලද විමසිමකදි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අද( 27 )පැවසිය.
මෙලෙස සංචරණ සීමාවන් පනවා ඇත්තේ කොවිඞ් 19 ආසාධිත පුද්ගලයන් එම ප්‍රදේශවල වාර්තා විමත් සමගයි.
මේ වන විට කෑගල්ල දිස්ත්‍රීක්කයේ කොවිඞ් 19 ආසාධිත පුද්ගලයන් 38 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බවත් නිරෝධායන වන ගණන 1936 වන බවත් එම සංඛ්‍යා ලේඛණයද විටෙන් විට වෙනස් විම් සිදු වෙන බව කෑගල්ල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතාගෙන් කල විමසිමකදි පැවසිය.
එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල වලින් වාර්තා වු කොවිඞ් අසාධිතයන් රැසක් රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන අතර පින්නවල නිරෝධායන මධ්‍යස්ථානයේ ද පුද්ගලයන් 280 කට ආසන්න පිරිසක් නිරෝධායනය වන බව ද පවසයි.
කෙසේ වෙතත් ජනතාව තම ගමන් බිමන් සීමා කරමින් නිවෙස් වල දෛනික කටයුතු සහ වෙළෙඳ පොලෙන් භාණ්ඩ මිලඳි ගැනිමේ කටයුතු වලට නිවසින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටි.
මිටරයක පරතරය මෙන්ම මුඛ ආවරණ සෑම පුද්ගලයෙකුම පොදු ස්ථාන වලදි භාවිතා කිරිම අත සේඳිම ඇතුලු සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදින ලෙස මෙම වසංගතය අවසන් වන තෙක් එම කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි