( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නීතියට පටහැනි අයුරින් තමා වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා හැටියට ස්ථාන මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් , වහාම එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා මාවතගම හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර ජයකොඩි මහතා විසින් ගානු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.විතුමරත්න , නියෝජ්‍ය පොලිස්පති ඒම්.ඒන්.සිසිර කුමාර , කුරුණෑගල කොඨ්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ .ජේ.වයි.බී ක්‍රිෂාන්ත ඇතළු පිරිසක් නම් කරන් ලැබ සිටිති.

මෙම අත්තනෝමතික ස්ථාන මාරුව හේතුවෙන් තම වෘත්තීය ගෞරුත්වයට සහ කීර්ති නාමයට හානි සිදුවී ඇති බවද , තම වෘත්තීය දියුණුවට බාධාවක් බවද පෙත්සම්කරු සිට පෙත්සමෙන් කියා සිටී.