IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මවක් දරුවකු කුසේදීම විකුණලා:පහක් සැකපිට

(ඩී.ඒ.පතිරණ)

තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවක එක් දිනක් වයසැති සිය බිළිදිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි යුවළකට විකිණී යැයි කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි.

නාකුළුගමුව,මොරකැටිආර,මානවැල්ල පාර පදිංචි 21 හැවිරිදි සිය මව විසින් එක් දිනක් වයසැති සිය බිළිදිය දරු කමට හදා ගැනීම සදහා ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට විකුණා ඇති බවට කාන්තාවගේ ස්වාමි පුරුෂයා (දැරියගේ පියා) නැවැත බිරිඳ සොයා පැමිණ ලැබුනු දරුවාට මොකක්ද වුනේ කාටද දුන්නේ කියා බිරිඳගෙන් විමසා ඇත.

නැවත පැමිණි දරුවාගේ පියා දරුවා පිලිබදව විස්තර සොයන අතරතුර බිළිදියගේ මව දරුවා හදා ගන්න දුන් යුවල සොයා පැමිණ නැවැත දරුවා තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

දරුවට වියදම් කළ නිසා දරුවා නැවැත ලබාදිය නොහැකි බව පැවැසීම හේතුවෙන් දරුවා අරන් දෙන ලෙස ඉල්ලා මව පොලීසියට ගොස් ඇත.

ඒ අනුව බිලිදිය ලබාගත් යුවළ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් පමණ හැර යෑම නිසා දරුවා වැදූ මව ඇගේ මවගේ නිවසට පැමිණ ඇත.

දරුවා හදා වැඩි ගැනීමට නොහැකි නිසා   ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට දරුවා ලබාදීමට පොරොන්දු වී ඇතැයි පොලිසිය කියයි. 

ඒ අනුව දරුවා පිළිසිඳගෙන මාස පහක පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියළු වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සදහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත් මූලික පරීක්සණවලින් අනාවරණය වී ඇත.

 



අදහස් (0)

මවක් දරුවකු කුසේදීම විකුණලා:පහක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site