(සුමතිපාල දීයගහගේ)
සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කරමින් අහංගම ප්‍රදේශයේ අද (8) පැවැත්වෙමින් තිබු මල්වර උත්සවයක් තහනම් කළ බව අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම් පී ගයාන් අසංක මහතා පවසයි.
ලැබුණ තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරික්ෂක ගයාන් අසංක මහතා එම මල්වර උත්සවය පැවති නිවසට යන විට පනස් දෙනකු පමන එම උත්සවයට සහභාගි සිට ඇති අතර ඔවුන් විසුරුවා හැරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නිවසේ හිමිකරුට විරුද්ධව නඩු පැවරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමිස්සියකගේ වැඩිවිය පැමිණීම අඬබෙර ගහගෙන ලෝකෙටම කියාගෙන යකා නටන්නේ ලංකාවේ අපිත් සමහර අප්‍රිකානු ගෝත්රිකයිනුත් පමණි. ගැහැණු ළමයින්ගේ මෙම ශාරීරික හෝමෝන වෙනස්කම් දෙමව්පියන්ටත් නොකියා තමන්ගේ පුද්ගලික දෙයක් ලෙස තබාගන්නවා නම් වඩා කාලෝචිතයි...
අපි තවම ඉන්නේ වැදි යුගයේ ,ඒ වුනාට කට නම් තියනවා
අප්පච්චිලාගේ බෝතල් පාටිය දැමීමටත් ගමේ නගරයේ කඩ කාරයන්ගේ මඩිය තර කර ගැනීමටත් දමන පාටි මිසක් වැඩිවිය පැමිණි දැරිවියට සෙත් පැතීමට හෝ සුභ පැතීමට කරන චාරිත්‍රයක් නොවන බව අපේ රටේ සමහර දෙමාපියන්ට තවම තේරී නැත .අපේ ශ්‍රී ලංකාවේ විතරද දැරිවියන් වැඩි වියට පත් වෙන්නේ ?