(ඩයනා උදයංගනී සහ ෂේන් සෙනෙවිරත්න)
රටේ කොරෝනා වසංගත තත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරන බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
එබැවින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (5) සිට තෙදිනක් පුරා පැවැත්වීමට යන මෙම විද්වත් සභාවට මල්වතු, අස්ගිරි පාර්ශවයන් නියෝජනය කරමින් කිසිවකුත් සහභාගී නොවන බව මහ නා හිමිවරුන් ලේකම්වරයාට දැනුම් දී ඇත.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර ඇත.
යෝජිත ත්‍රිපිටක සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ නිර්දේශ ලබාගැනීම සඳහා අද (5), හෙට (6) සහ අනිද්දා (7) දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම විද්වත් සභාව පවත්වන බැවින් එයට සහභාගී වන ලෙස තමන් වහන්සේලාට ආරාධනා කර ඇති බවත් මෙය එවැන්නක් පැවැත්වීමට සුදුසු අවස්ථාව නොවන නිසා ඊට සහභාගී නොවන බවත් මහ නා හිමිපාණන් වහන්සේලා පවසති.
අදාළ විශාරදයන් සමඟ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව මෙම පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙනඒමට අපේක්‍ෂා කරන බැවින් මෙය කඩිනමින් සම්මත කිරීමට කටයුතු කිරීම උචිත නොවන බව ද උන්වහන්සේලා පවසති.
නිසි අධ්‍යයනයකින් තොරව මෙම පනත සම්මත කළහොත් අනාගතයේ නොයෙක් ශාසනික ව්‍යාකූලතාවන් නිර්මාණයවීමට ඉඩ ඇතැයි ද මල්වතු අස්ගිරි මහ නා හිමිවරු සිය ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාසනයේ ව්‍යාකුල තත්වයන් ඇති වෙන්න ආයේ අමුතුවෙන් පනත් සම්මත කර ගන්න ඕනා නැහැ. ඒක දැනටමත් සිදු වෙලා ඉවරයි. ශාසනයයි, ත්‍රිපිටකයයි කරේ තියාගෙන නිවනට රැගෙන යන්න උත්සාහ නොකර, ඔය පන්සල් වල තියන සල්ලි වලින් මේ රටේ බෞද්ධ ජනතාවට උදව් උපකාර කරන්න. පන්සලේ පිං කැට පුරෝ පුරෝ ඉන්නේ නැතිව.
ඇති යංතං කාලෙකට පස්සේ මහානායක ස්වාමින්වහන්සේලා නිවේදනයක් නිකුත් කළා. මේකට වැඩිය කතා කලයුතු දේවල් නැද්ද?.
රටම කොරෝනා අර්බුදයක කිව්වට රට හදන අයට කිසිම අවුලක් නෑ. කොරෝනා කියන්නේ ආණ්ඩුවලට දේව වරමක් වගේ...
අප රටේ ඇතැම් විහාරස්ථානවල විහාරාධිපති භික්ෂූන් නොමනා හැසිරීමෙන් යුතු වුණත් ඔවුන්ව ඉවත්කර වෙනත් සිල්වත්, ගුණවත්, ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවීමට ගම්වාසීන්ට නොහැකියි. ඒ විහාර දේවාලගම් පනතේ ඇති අඩුපාඩු නිසයි. ඒ වගේම අධිකරණවලින් වැරදිකරුවන් වූ චීවරධාරීන් පවා තමන්ගේ ලොකු හාමුදුරුවන්ට අයත් වෙනත් ප්‍රදේශවල පන්සල්වලට ගිහින් සිල්වතුන් වගේ ඉන්නවා.. ඔවුන්ව උපැවිදි කිරීමේ බලයක් අධිකරණයට නැහැ. එවන් තව බොහොමයක් කාරණා තියෙනවා. ශාසන පරිහාණියට මෑත කාලීනයේ යෙදුණ හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා අදට ගැලපෙන පණත්, කෙටුම්පත්, කතිකාවත් ගේන්න ඕනෑ. දැනට බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඇති බලතල ප්‍රමාණය මදි... නීතියෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්ට බලය මීට වඩා පැවරෙන වැඩ පිළිවෙලක් සකස්විය යුතුයි..
මේ පනත ඇත්තටම අනවශ්‍ය එකක්...
හාමුදුරුවනේ, සහභාගි වීම කෙසේ වෙතත් කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නෑ. ඒ හින්දා ගියත්, නොගියත් වෙනසක් නෑ.