IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මාලදිවයින හිටපු ජනපති බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබයි

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ් බෝම්බ ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබුවේය.

තුවාල ලැබූ නෂීඩ් මාලේ අගනුවර රෝහලට ගෙන ගිය බවත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන බවත් පැවැසෙයි. නෂීඩ් බේම්බ ප්‍රහාරයට හසුවූයේ සිය නිල නිවස ඉදිරිපිටදීය.

බෝම්බය අටවා තිබුණේ යතුරු පැදයක යැයි පොලිසිය කියයි. එය නෂීඩ් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව ද පැවැසෙයි.

මාලදිවයින ස්වදේශ කටයුතු ඇමැති ඉම්රාන් අබ්දුල්ලා මාධ්‍ය හමුවේ කියා සිටියේ, 53 හැවිරිදි නෂීඩ්ගේ තුවාල බරපතල නොවන බවය.

ප්‍රහාරය සම්බන්ධයෙන් වහා විමර්ශන ආරම්භ කළ බවත්, විදේශ රටවලින් ද ඊට සහාය ලබා ගන්නා බවත් ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(රොයිටර්)



අදහස් (1)

මාලදිවයින හිටපු ජනපති බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබයි

fdfdss Friday, 07 May 2021 03:38 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 60 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 477 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site