(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.
කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කිය
එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කරේ...!
අපේ රට දූපතක් වෙලත් මේ රෝගය පාලනය කරගන්න බැරිවෙලා.. රට සති 03ක් විතර මුළුමනින්ම වහලා රෝගීන් හඳුනාගෙන වෙන්කර ප්‍රතිකාර කරමින් අනතුරුව දිගටම තොටුපළවල් වහලා මේ රටේ අහිංසක ජීවිත බේරාගන්න කටයුතු කළේ නැතිනම් මේ පාලකයෝ ඉතිහාසගත වෙනවා. රටේ අවාසනාවන්ත ඉරණමකට සංචාරකයන්ගේ තුට්ටු දෙකකට කෑදර කමේ රට ඇරගෙන හිටියොත් විනාශ වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත.
මුළු ලංකාවේම ඊයේ මැරුණේ 94ක් නම් කොහොමද කළුතර විතරක් 24 පැයෙන්ම ආදාහනාගාරය වැඩකරන්නේ. මේ කියන්නේ රජය දෙන විස්තර වැරැදියි කියලා නේද?
දැන්වත් ඔය ලොකු කතා නතර කරලා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න. නැතිනම් රටට ලොකු විනාශයක් අතළඟ ..
රට කොරෝනාවෙන් බේරාගත්තා කියලා කයිවාරු ගහපු අයියා, මලෝ දැන් කොහේද ඉන්නේ...?
කලකට පසු මතුවූ පිටිගල මිලානෝ සහ ඒ වගේ ප්‍රතිචාර දක්වන අයගේ දැනගැනීම පිණිසයි. ආණ්ඩුවේ ප්‍රශ්න එමට තියෙනවා. නමුත් බොහෝ සාමාන්‍ය ජනතාව හැසිරෙන විදිහත් අන්තිමයි. කළුතර, නාගොඩ පැත්තේ එක් පවුලක් මරණයකට ගිහින් බිරිඳ ලෙඩ වුණා මුලින්ම... ඒ එක්ක ගෙදර වෙන අයත් අසනීප වුණා. සද්ද නැතුව පිට අය එක්ක ගනුදෙනු කළා. තමන්ගේ අතිරේක ආදායම් ඇහිරීම ලොකු නිසා සද්ද නැතුව වෙන ගෙවල් වල පවා ගියා ඒ බිස්නස් එකේ වැඩට... දැන් බිරිඳගේ පවුලේ ඥාතීන් පවා අසනීපයිලු. අන්තිමට pcr කළාම ලෙඩේ තහවුරු වුණා. මේ අය අඩුගානේ සිය දෙනෙක්ට වගේ ලෙඩේ දීලා ඇති. තව කළුතර ගෙදරක වැඩිහිටි කාන්තාවක් මට ඕවා බෝවෙන්නේ නෑ කියලා රෝන්දේ ගහලා දැන් ඒ ගෙදරත් ඉවරයි. මේ පවුල් දෙකම 69 ලක්ෂයට අයිති නැහැ. අලි සහ 3% සාමාජික කට්ටිය. තව ඕනෑතරම් 69 ලක්ෂයත් ඇති. ආණ්ඩුවක් මොනවා කරන්න හැදුවත් වැඩක් නෑ මහ ජනතාව ඔය වගේ හැසිරනවා නම්... ඒ නිසා ආණ්ඩුවට බනින හැම දෙනාම තමන් දන්නා අයගේ හැසිරීම හොඳින් සොයා බලන්න. මම මේ ලිව්වේ පුද්ගලිකව අහපු අසල්වැසියන් ගැන. ඔබේ අයත් එහෙම නම් ආදාහනාගාර පැය 24 වැඩකරත් මදිවෙලා.. ඉන්දියාවේ බ්‍රසීලයේ වගේ අහුවෙන හැම තැනම පුච්චන්න වළලන්න වේවි...
අපි තමයි හොඳටම කළේ... !
මරණ සියල්ල ආදාහනය කළ යුතු යැයි මොරගෑ අය මෙම අධික ලෙස සිදුවන මරණ සියල්ල ආදාහනය කරන්නේ කෙසේදැයි කිව යුතුයි. ආදාහනාගාර සියල්ල උපරිමව වැඩ කළත් මෙම මරණ ආදාහනය කිරීමට නොහැකි වනු ඇත. දෛවෝපගත ලෙස අන්අයට රිදවීමට ගත් ආදාහන තීන්දුව අපටම කඩ කිරීමට සිදුවනු ඇත.
දැන්වත් එන්නත්කරණය අවසන් වන තෙක් ලොක් ඩවුන් එකකට යන්න .නැති නම් අපට වෙන්නේ ඉන්දියාවට වුන දේ