(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව ප්‍රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරීව පුපුරුවා හැරීමට කටයුතු කළ බව මොරටුව පොලිසිය කියයි.
හිමිකරු නොමැති යතුරු පැදියක් තිබෙන බවට මොරටුව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම යතුරු පැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශන වලදී එය පානදුර පදිංචිකරුවෙකුට අයත් එකක් බවට හෙළි වු බව පොලිසිය කියයි.
ඒ අනුව එම පුද්ගලයා කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම යතුරු පැදිය පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණු බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා පිපිරීම සිදුකළ බවත් කිසිදු පුපුරන දෙයක් හමු නොවූ බවත් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd