
(සුමිත් පොතුපිටිය)
කළුතර මහ නගර සභා අපේක්ෂකයකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද ඉලක්කය වැරදී ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කළ බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවද පොලිසිය කීය.
බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් මීට මාස 9 කට පෙර පළාත් පාලන මැතිවරණ සමයේද වෙඩි ප්‍රහාරයක් එල්ලවී එයද ව්‍යර්ථව තිබුණි.
බන්දුල ප්‍රසන්න මහතා කළුතර නාගොඩ හන්දියේ හෝටලයක් පවත්වාගෙන යන අතර, ඒ අසල පොලිස් ආරක්ෂක මුරපොලක්ද පවත්වාගෙන යනු ලබයි.
පොලිස් නිළධාරින් හෝටලය ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටියදී හෝටලය පිටුපසින් පැමිණී පුද්ගලයකු වෙඩිතැබූ බවත්, එය ව්‍යර්ථ වී (මිස් ෆයර්) ඇති බවත් පොලිසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd