
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය.
ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවට තමන් වරදකරු යැයි පිළිගෙන ඇති අතර අධිකරණය දඬුවම ප්‍රකාශයට පත් කරන තෙක් බැඳුම්කරයක් මත නිදහස් කර තිබේ.
මෙඩිකෙයාර් නම් වෛද්‍ය සායනයේ හිමිකරු මෙන්ම සභාපතිවරයාද වන ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා ඔහුගේ රෝහලට පැමිණෙන රෝගීන්ට එහි සේවය කරන කාර්ය මණ්ඩලය මනෝ චිකිත්සක සේවා ලබා නොදෙන බව දැන දැනත් රෝගීන්ට මනෝ චිකිත්සක සේවා ලබා දීම වෙනුවෙන් රාජ්‍ය මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂනාවරණයෙන් ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
වසර හතරක සිර දඬුවම ගෙවා නිම කිරීමෙන් පසු තවත් වසර තුනක් පරිවාස නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණයේ දිසා විනිසුරු ස්ටෙෆාන් අන්ඩර්හිල් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කර ඇත.
එසේම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දින 60 ක් ඇතුලත ගෙවීමට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර කෙනෙක් නිසා මෙයා සමාජයේ ඉහළ තරාතිරමක් දරන වැදගත් කෙනෙක් නිසා නිදොස් කොට නිවහල් කරාවි.
කොට්ටෝරුවා හැම ගහකටම හොට ඇන ඇන යනවා. කෙහෙල් ගහට කොටපු දාට හොට තදවෙනවා.. ඇමරිකාවේ කෙහෙල් ගස් තිබුණාට ලංකාවේ නැහැ කියලා තේරෙනවා...
අනිවාර්යයෙන්ම මයිනලගෙ , කපුටලගෙ, ගොන්ටලගෙ, චමලයලගෙ නෑ යෙක්.
ඔහු එක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි. මෙඩිකෙයා අවභාවිතය සම්බන්ධයෙන් ලාංකික වෛද්‍යවරු බොහෝ දෙනෙක් සිරගතව සිටිති .එය ගූගල් කර බැලුවහොත් ඔබට පෙනෙනු ඇත.
අපේ රටේ නම් තියෙන්නේ පරා දේශපාලුවෙක්ට ඇමතුමක් දෙන එක විතරයි. නිදොස් කොට නිදහස් කරලා දානව විනාඩියෙන්.
His medical license should be revoked for good!
හැමදාමත් වගේ ඔන්න බලපං අපේ රටේ ඉපදිච්ච හරක්..ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන විදිහ..
ඒ ලංකාවේ මෙහෙ ඒවා හරියන්නේ නැහැ. වරදට දඬුවම කාටත් එකයි.