
(ගයාන් සූරියආරච්චි)
2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.
2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තාවී තිබුණි.
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි වැඩිවී ඇත.
ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද, 2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇත.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව 12,066 කින් අඩුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1699
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙරට ඉපදිමත් අඩු වෙලා
Achi Monday, 06 October 2025 08:41 AM
ගෝඨාභය කිව්වා ඉදිරි අවුරුදු 5 යනකම් ළමයි හදන්න එපා කියලා, ඒ නිසා මිනිස්සු කීකරු වෙනවා.... ඒක උපදෙසක්...
Lucky Monday, 06 October 2025 08:42 AM
විවාහ වීම, දරු උපත් සහ රටක ආර්ථිකය අතර තියෙන්නේ සෘජු සබඳතාවයක්. 2020 - 2023 කාලයේ අපේ රට ආර්ථික වශයෙන් හොඳටම බැට කෑවා. 2020 - 2021 කොරෝනා වසංගතය නිසාත්, 2022 - 2023 ආර්ථිකය කඩා වැටීම නිසාත් රටේ බහුතර ජනතාවකගේ ආර්ථික ශක්තිය කීප ගුණයකින් පහළට වැටුණා. ඒ හින්දා විශාල පිරිසක් වියදම් කපා හැරියා, රට හැර ගියා, දරුවන් සෑදීම අඩු කළා, විවාහ කල් දැම්මා, විවාහ බිඳ වැටුණා. ඔය කාලයේදී බැලුවොත් පෙනේවි රටේ දික්කසාද ප්‍රමාණයත් සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා කියලා.
සාලිය Monday, 06 October 2025 08:51 AM
ළමයි හදන්නයි ගෙවල් හදන්නයි සල්ලි කෝ... ට්‍රිලියනයක වත්කම් ඉපයූවා කීවාට නිවාස ණය දෙන්න එහෙම අදහසක් නෑ නේද ? ස්ථීර රස්සා නැතුව නිවාස ණය දෙන්නෙත් නැහැනේ..
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 06 October 2025 09:42 AM
ඉපදීම අඩුවෙලා තියෙන්නේ, රටට කෙළවෙනකල් හිනාවෙන්න බලං ඉන්න අපි ජෝඩුව වාගේ බත්කන හරක්ද?
Sarasi Monday, 06 October 2025 10:30 AM
ඉපදීම දුකායි, දුකායි දුකායි කියලමනේ උදේ හවා මතුරන්නේ. ඉතින් ලමයි හදයිද.
Perera Tuesday, 07 October 2025 09:00 AM
ඔව්, ඉතින් රටේ බොහෝ අයට කෙළින් හිතගන්නවත් පණ නැතිකොට ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි.