
(ඉන්දික අරුණ කුමාර)
පවත්නා කෝවිඩ්-19 වයිරස තත්ත්වය හමුවේ මහජනතාවගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත දැනුම්දෙන තුරු මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි.
ප්‍රධාන වේල්ලට ගමන්ගන්නා පිවිසුම් මාර්ගයේ ප්‍රචාරක පුවරුවලද මේ බව සඳහන් කර තිබේ.
පසුගිය සමයේ මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම සදහා දහස් ගණනක් පිරිස් මොරගහකන්දට පැමිණි බවත්, මේ වන විට පවතින වයිරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේල්ල බැලුවාම කොරෝනා හැදෙනවද? ආයිත් ලීක් එකක්ද?