
(තිලිණි ද සිල්වා සහ ටී කේ ජී කපිල)
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා ඊයේ ( 27) රාත්‍රියේ දී දිවයිනට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමින් නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් ඔහු ඊයේ රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා රැඳී සිටීනු ඇත.
මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා අද ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ලැබේ.
දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අද(28) පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බව එම අමාත්‍යාංශය කියා සිටී.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වේ.
මීට පෙර, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගේ පාලන කාලය තුළදී එවකට සිටි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී මහතා 2015 වසරේ මැයි 03 වැනිදා නිල සංචරයක් සදහා මෙරටට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි. මෙතුමා මේ වෙලේ අපේ රටට පැමිණීම අපට ඉතාම හොද ශක්තියක්.
කෝ අපේ විමල්, මෙන්න ඇමරිකන් හමුදාව ලංකාවට එනෝ.
ගරු, මයික් පොම්පියෝ මැතිතුමාව සාදරයෙන් පිළිගනිමු!! වෙනදා ඇමරිකාවට බුරන බල්ලෝ දැන් ඉන්නේ රජ ගෙදර පිළිකන්නේ මස්කටු සුප්පමින් නිසා සද්දයක් නැහැ. හැම දේටම උඩුබුරන චුටි කුක්කන්ගේ සද්දේ එතුමා වැඩිය ගණන් ගන්න එකක් නැහැ.
කොහොමද පොම්පේ....? පොම්පේ අති විශිෂ්ටයි සර් ....
ඇමරිකා එක්සත් ජනපදය, පොම්පියෝ සාදරයෙන් පිළිගනිමු.
මැතිවරණයට පෙර තමන්ගේ බලය ආසියානු කලාපයේ තහවුරු කරන්න උත්සාහ කරන බව පෙන්වන්න තමා මේ ගමන.
මෙය අපිට ලැබෙන ඉතාමත් හොඳ අවස්ථාවක් මානව හිමිකම් කවුන්සලේ අපි ගැන තිබෙන වැරදි ආකල්ප වෙනස්කරගනීමට.
මම හිතුව චීන්නු ටිකක් හරි එයි කියල විරෝධය පාන්න.
" එදා මයික් පොම්පියෝ ... දුටුව මයික් පිම්පියෝ ... එදා නොහොඳ පොම්පියෝ ... අද හොඳදෝ පිම්පියෝ ...
පිම්පියො විතරමද මන්ද ඇමරිකාවෙ ඉන්නෙ?
හැබැයි ඔබතුමා කව්බෝයි තොප්පියක් දා ගත්තානම් අපි හිතන්නේ කව්බෝයි කෙනෙක් එනවා කියලා. එත් මෙතැන ලියන කී දෙනාද කව්බොයිස් ලා ගැන දන්නේ