(හේමලතා ඩී.හේවගේ)
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාමසේවා වසම්වලින් කොරෝනා වයිරසය ආසාදිතයන් 27දෙනෙකු වාර්තාවීමත් සමග ඔවුන් පදිංචිව සිටි මාර්ග අද (07) සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට කටයුතු කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව, මුම්මාන පන්සල් හන්දියල මුම්මාන මන්සන්දිය, කඬේවත්ත, වල්පොල මුල්ල, කවුඩුමුන්න යන ප්‍රදේශවලට ඇතුළු වන මාර්ග වසාදමා ඇත.
පවුල් 365 කට අයත් පුද්ගලයින් 1376 කට ආසන්න පිරිසක් පදිංචිව සිටින මෙම ප්‍රදේශයේ ඉකුත් 02 වන දින කොරෝනා වයිරසය ආසාදිතයන් 6දෙනෙකු වාර්තාවී තිබිණි. ඉන්පසු එම ග්‍රාමසේවා වසම් වලින් කොටසකට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
එහිදී අහඹුලෙස තෝරාගත් පිරිසකගේ පී. සී. ආර්. පරීක්ෂණ 4 වන දින සිදුකළ බව, එම කාර්යාලය කියයි. ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවත් ආසාධිත රෝගීන් රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත් පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුම්මානේ - වැත්තෑවේ මාර්ග කිහිපයක් වහයි