(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට මොහොතකට පෙර  නියෝග කළේය.

ඒ අනුව ඔහු මුලසුනට ඇහුම්කන්දී  සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

චාමර සම්පත් දසනායක මහතා  මුලසුනේ අණ නොතකමින් දිගින් දිගටම අදහස් දැක්වීම හේතුවෙන් කථානායකවරයා  මෙම  නියෝගය කළේය.

අධිකරණයේ විභාග වන නඩුවක් ගැන මෙතන කතා කිරීමෙන් වළකින්නැයි  කථානායකවරයා දසනායක මහතාට දැනුම් දුන්නේය.