(සුජිත් හේවාජුලිගේ)

රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්  ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීයෙකු   නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  වීරවංශ මහතා  මෙසේ සඳහන් කළේය.  

“රණවිරුවන් සිහිකරලා මල් කළඹක් අරගෙන ගිහිල්ලා ඒ ගෞරවය ඔවුන්ට පුදකරන්න දරපු උත්සහායට කඩු දානවානම් එවැනි නඩුවකට මුහුණ දෙන්න කිසි ලෙසකින් අපි පැකිලෙන්නේ නැහැ” යැයි ඹහු කීය.