(හර්ෂණ තුෂාර සිල්වා)
තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සහ ඇගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කීවේය.
තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ කටයුතු කිරීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතිය ලැබුණු බව ද ගුණවර්ධන මහතා එහිදි කීවේය.
මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයේදී හිරිහැර යනාදිය සම්බන්ධයෙන් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරකින බවත් සිවිල් සමාජයට ලබාදී තිබෙන අවකාශය සුරක්ෂිත කරන බවත් කීවේය.
එමෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජයට එල්ල වූ බව කියන ප්‍රහාර හා හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26) නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.
2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රහාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ කතාවෙන් පස්සේ අරහේ සුද්දන්ට මරු නැගලා.. බීබීසී හොරනෑව එක්නැලිගොඩ නෝනා ඉස්සරහට ගෙන මරහඬ තලන්න පටන් අරන්.
රටේ ඇතුලේ දාපු ගෙරවිලි, ගෝරනාඩු ජිනීවා ගිහින් දාපු බවක් පේන්න තිබුණේ නම් නැහැ..
මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජයට එල්ල වූ බව කියන ප්‍රහාර හා හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා බව කිව්වට ඇත්තටම මේක කරනවද?
මේ රට සිංහල රටක් පමණක් කියූ අය ජිනීවා ගිහිල්ලා මේක බහු ආගමික, බහු වාර්ගික රටක්ලු.. අනේ මන්දා මොනවා කියනවද කියලා දන්නේ නැහැ.
මේ වගේ අය හොඳයි අපේ රටේ බයියන්ටම... මෝඩකමට හැමදාම පම්පෝරි කතාවලට රැවටී රැවටී ඉන්න. ඔය මහන්තත්වකම් නිසා තමයි අද රට ජාත්‍යන්තරයේ බලුවෙලා තියෙන්නේ.
සමීපව වැඩ කරනවානම්, මාස 6ක් විතර එහෙ ඉඳලා එන්න.
ඇයි මේ තරම් වචන, එපා නම් අයින් වෙමුනේ..! ඔවුන්ටත්, අපටත් එතකොට නිවහනක් නෑ..! හැමදාම මේ කුණු කාණුව. අපිටත් ඇමෙරිකාව වගේ ධනය තියනවනේ නේද?
අම්මට සිරි අධිරාජ්ජ වාදීන් නයාට අදුකොල වගේ හිටිය මෙයා මොකෝ මේ සහයෝගේ ...