
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.
කෝවිලේ දේවප්‍රතිමා තැන්පත් කර ඇති කාමරයේ තිබු මෙම දේව මාතා ප්‍රතිමාව අතුරුදහන්ව තිබූ බවත් එය කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට තමන් සැකකරන බවත් ඇය පොලිසියට දන්වා තිබුණි.
ඉන්දියාවේ දි පස්ලෝවලින් නිපදවා ඇති මෙම ප්‍රතිමාව බැතිමතුන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍රව පැවැති බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් කෝවිලේ බාරකරු බව කියන කාන්තාව හමුවී විමසු අවස්ථාවේ දි ඇය මාධ්‍යයට කිසිවක් පැවැසීමට අකමැති බව කියමින් කිසිදු ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කළාය.
හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මෙම කෝවිලට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික එක්ක පැණිය හදන්න කෑගල්ලේ ගිහින් වෙන්න ඇති.
පැණි ගේන්න යන්න ඇති
මොකද ඔය අවනඩුව කාලි මාතාවටම නොකීවේ? පොලිසිය කාලි මාතාවට වඩා විශ්වාසයිද?
මේක නම් හිතන්නවත් බැරි දෙයක්නේ. මේ පිළිමය සොරකම් කළා නම් එම හොරාට දේව දඬුවම් ලැබෙනවා නියතයි...!!! දැන් ඉතින් තවදුරටත් “ධම්මික කොරෝනා පැණිය“ හදන්න වට්ටෝරු දෙන්නේ කවුද?
කාලි මෑණියන් විශ්වාස කරගෙන මුන්නේශ්වරම් ගිහිල්ලා හරි යයිද?
අයිතිකාරයා අරන් යන්න ඇති....
එයාට එයාගේ පිළිමයක්වත් ආරක්ෂා කරගන්න බෑ. හැබැයි ලෝකයා ආරක්ෂා කරන්න බෙහෙත් හදන්න පුළුවන්...
සොරාගත්තා වෙන්න බැහැ. කෑගල්ලට වඩින්න ඇති.
දේව බලයෙන් සොයාගනීවි...!!!
පැනලා ගිහින්...!!!
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව?
හොරකම් කළා කියලා හිතන්න එපා. මේ මිනිස් ලෝකෙ ගැන කළකිරිලා අතුරුදන් වුණා වෙන්න බැරිද?
තමන්ම පරිස්සම් කරගන්න බැරි අයද අපට පැණි නිර්දේශ කරන්නේ?
පැණි වෙදාගේ වැඩක්ද?
කොරෝනා නිසා පරිස්සම් ඇති තැනකට ගියා වෙන්න බැරිද? කපු නෝනටත් නොකියා....
මහා හාස්කම් තියන ඔය කාලි මැණියන් බැරිද ආපහු හිටපු තැනටම එන්නට? හැබැයි බැරිවෙලාවත් අයාලේ ගිහින් නම් අහල පහළ ගෙස්ට් හවුස්වල ටිකක් හොයලා බැලුවා නම්...!!!
මිනිස්සු පිහිට හොයන් ඔය දේවාලෙට යනවා. ඒකෙ අයිතිකාරයෝ පිහිට හොයන් පොලිසියට යනවා. ඒ නිසා පොලීසිය දෙයියන්ට වඩා බලයක් තියෙන බව පේනවා.
ඕක පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුගේ වැඩක්...
අප රකිනා තබා.... තම සතු ගාෙනා නාෙතබා
අනේ මන්දා... පොල්ගහලා දුක කියන්නේ කාටද?