(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දින දෙකක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැන්වීය.
මේ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම මින් ඉදිරියට පෙරවරු 11.00 ට අවසන් කරන බවද හෙතෙම පැවසීය.
එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීතුවරුන් අවශ්‍ය නොවන පැහැදිලි කිරීම් හා වැඩි විස්තර කිරීම් නොමැතිව සෘජුව ප්‍රශ්නය ඇසීමට කටයුතු කළ යුතු බවත් ඇමතිවරුන් ඒවාට කෙටියෙන් පිළිතුරු ලබාදීමට ක්‍රියා කළ යුතු බවත් කතානායකවරයා කීවේය.
පෙරවරු 11.00 න් පසුව ඉතිරි වන ප්‍රශ්නවල පිළිතුරු සභාගත කිරීමටත්, ඒවාට පිළිතුරු ලබාදීමට කාලය ඉල්ලා තිබේ නම්, එම ප්‍රශ්න ඉදිරි දිනයකදී න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.
තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ අසනු ලබන ප්‍රශ්න සඳහා ඒවා අසනු ලබන පක්ෂ නායකයාට මිනිත්තු පහක්ද, ඒවාට පිළිතුරු ලබා දෙන්නේ නම් අදාළ අමාත්‍යවරයාට මිනිත්තු පහක්ද වශයෙන් ලබාදීමටත් මින් ඉදිරියට කටයුතු කරන බව පැවසූ කතානායකවරයා ප්‍රශ්න ඇසීමේ අවස්ථාව වඩා ඵලදායී අන්දමින් සිදු කිරීමට සහයෝගය ලබා දෙන ලෙසද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව රටේ ප්‍රශ්න විසඳලා ආදර්ශයක් දෙන්න. හැම ආණ්ඩුවක්ම කළේ තමන්ගේ පහසුකම් ගැන විතරයි... ජනතාව හිඟා නොකා හිඟාකනවා.
පළමු ප්‍රශ්නේ තමයි අපට මාලිගා වගේ වාහන ලැබෙන්නෙ කවදාද? කියන එක...