
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය ( ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.
පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.
එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී වරුන්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබාදී ,මන්ත්‍රීවරුන්ට තමන් ලබාගන්නා වැටුපට සරිලන EPF /ETF එකේ සේවා යෝජකයා ගෙවන කොටස් රජය විසිනුත් , සේවකයාගේ කොටස අධාල මන්ත්‍රීවරයා විසිනුත් ගෙවුව්හම මේ ප්‍රශ්නේ නිට්ටාවටම විසදෙනවා . දෙපැත්තටම සාධාරණයක් ඉටු වෙනවා යම් කිසි කෙනෙක් අවංක සේවයක් කරනවා නම් එම පුද්ගලයට අධාල කාලයට සාධාරණ වැටුපක් , දීමනා , විශ්‍රාම වැටුපක් ගෙවන්න, ඕනේ , නමුත් ඔහුගේ විශ්‍රාම වැටුප සංස්ථ සහ රජයේ පුද්ගලික අංශයේ සේවකයගේ වැටුප් , දිමනා ,විශ්‍රාම වැටුප් සමග යම් දුරකට සමාන වෙන්න ඕනේ , එක පුද්ගලයෙක් වසර 5 හෝ 6 පාර්ලිමේන්තුවේ සිටි පමණින් රජයේ ඉහල ශ්‍රේණියක සේවකයෙක් වසර 30-35 සේවය කර ලබන විශ්‍රාම වැටුපට ඔහුගේ විශ්‍රාම වැටුප සමාන වෙන බැහැ. විශ්‍රාම වැටුප මන්ත්‍රීවරයා ධුරය දරපු කල කාල සිමාව අනුව හැදෙන්න ඕනේ , එහෙම වුන නම් මේ ප්‍රශ්නේ මෙතරම් දුර දිග යන්නේ නැහැ , ජෙර්මනිය වගේ දියුණු රටවලත් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුපට සමාන විශ්‍රාම වැටුප් පාරිතෝෂික වාරිකය මාස් පතා රජය මගින් අධාල අරමුදලට බැර කරනවා
මන්ත්‍රී පදවිය ගරු සේවයක් නම් කොහොමද විශ්‍රාම වැටුප් ගන්නේ...? දීමනාවක් ලැබෙන එක ප්‍රශ්නයක් නැහැ. පෙන්ෂන් ඕනෑ නම් අනෙකුත් රජයේ සේවකයින් වගේ අනිවාර්යයෙන් සේවය කරලා තියෙන්න ඕනෑ. මේගොල්ලන්ට විතරක් වෙනම නීතියක් තිබිය යුතු නැහැ. විශ්‍රාම වැටුප අහෝසි කරන එක බොහෝම හොදයි.