
(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා ‘මැන්ඩි’ නම් මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාව අද(20) සිය බාරයට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
මේ බහුදින යාත්‍රාව අම්බලන්ගොඩ ධීවර වරායේම ආරක්ෂා සහිතව තැබීමට කටයුතු කළ බවත්, එය මැන්ඩි මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් විභාග වන නඩුවේ නඩු භාණ්ඩයක් කරන බවත් දෙහිවල පොලීසියේ ප්‍රකාශකයෙක් කීවේය.
බහුදින යත්‍රාව පිළිබඳව හෙට (21) බලපිටිය අධිකරණයට කරුණු ගොනු කරන බවද ඔහු කීවේය.අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් ධීවර යාත්‍රාව ධීවර කටයුතුවල යෙදීම තහනම් කිරීමටද පියවරගත් බවද හෙතෙම පැවසීය.
ඉදිරි අධිකරණ කටයුතු සඳහා මෙම යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අම්බලන්ගොඩ පොලීසිය බාරයට අද (20 ) පත්කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉවරවෙනකොට බෝට්ටුවේ පතුල විතරක් ඉතිරිවෙයි... නඩුවට ගතවන කාලය අනුව...