(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය යහපාලන රජය සමයේදී සිදුවී ඇති දූෂණ වංචා සෙවීමට කමිටුවක් පත් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇතැම් ඇමතිවරුන්ගේ සමාගම්වලට බාරදී ඒවා ප්‍රමාද කළ බවද හෙතෙම සඳහන් කළේය.
ඇමතිවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල් කෝටි 6600 ක වියදමින් ම0තීරු හයක් සහිතව ඉදි කිරීමට ගිය එම මාර්ගය යහපාලන රජය පැමිණීමෙන් පසුව මංතීරු දෙකක් අඩු කර එම මුදලටම ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉතාම ඉක්මනින් සාදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීවේය.
අධිවේගී මාර්ගයේ සඳහා අත්පත් කරගත් අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඩම් සඳහා රුපියල් කෝටි තිස් හයක පමණ වන්දි මුදලක් ගෙවා ඇති බවත් තවත් කැබලි හයක් සදහා වන්දි ගෙවීමට ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් අත්පත් කරගත් දේපළ සඳහා රුපියල් කෝටි 120කට වැඩි වන්දි මුදලක් ගෙවා ඇති බවත් තවත් කැබලි 13 කට ගෙවීමට නියමිත බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවී ඇති නම් ඒවා පිළිබඳ සොයා බලා හැකි ඉක්මනින් පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පරණ ඉංග්‍රීසි කියමනක් මතක් වෙනවා. ‘‘පොට් කෝලින් කෙට්ල් බ්ලැක්‘‘ ..., ‘‘වළඳ, කේතලේට කියනවලු ඇඟේ දැලි‘‘ කියලා.
හටපු ඇමැතිවරයාගේ සමාගම සිදුකළ පාඩුව ඉතා විශාලය. අධිවේගය පමණක් නොව, මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග පාර... අඹතලේ දක්වා ඉදිකිරීම ඉතාම ප්‍රමිතියෙන් තොරව කරන ලද්දකි. වැඩ අවසාන කිරීමටත් ප්‍රථම සමාගම අබලන් වී ඇත. මේවා පරීක්ෂා කළ යුතුමය.
පසුගිය රජයේ දූෂණ සොයනවා මෙන්ම ඔය මාර්ගය මේ අවුරුද්දේ ගමනා ගමනය සඳහා විවෘත කරන්න. ඔයත් ඇමැතිකම අරන් දැන් අවුරුදු 02ක් වෙනවා. මැතිවරණ කාලයේ මම අහගෙන එක් කථිකයෙක් කියනවා... මොන පක්ෂය බලයට පැමිණියත් වැඩ කරනවා මිසක් කළින් තිබුණු ආණ්ඩුවලට බැණ බැණ කාලය නිකරුණේ ගත කළාට රටට වැඩක් වෙන්නේ නැහැ කියලා..
දයා ගමගේ කරපු වැඩේ ප්‍රසිද්ධ නොකීරීම පුදුමයක්.