
(ටී.කේ.ජී.කපිල )
මැදපෙරදිග ඇතිවී තිබෙන යූධමය වාතාවරණය යටතේ කටුනායක ගුවන් තොටුපොළට අද (01 ) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 26 ක ගුවන් ගමන් අවලංගු වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 28 ක් අවලංගු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මැදපෙරදිග රටවල ගමනාන්තයන් වෙත හෝ එම ගමනාන්තයන් ඔස්සේ තවත් වෙනත් රටවල් වෙත යාමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ , තමන්ගේ ගුවන් සේවා පහසුකම් සපයන ආයතනය විමසන ලෙස ද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් ද කළේය .
මැදපෙරදිග කළාපයේ රටවලට හැර යුරෝපය , ඈත පෙරදිග , සහ මධ්‍යම ආසියානූ කළාපයේ රටවල් වෙත කටුනායක ගුවන් තොටුපොළේ සිට සුපුරුදු ගුවන් ගමන් මෙහෙයුම් සිදු වන බවද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd