(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
හරීන් ප්‍රනාන්දු ගැන ඇති වූ සංවාදය ට විනාඩි හතලිස් හතක් වැය වූ බවත් එම විනාඩි 47ට පමණක් මහජන මුදල් රුපියල් ලක්ෂ හතළිස් හතක් නාස්ති වූ බවත් කතානායක වරයා කීය.
කතානායක වරයා මෙසේ පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය .
මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙපමණ මුදලක් නාස්ති වෙනවා නම් කාලය ගැන සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවත් දැන් අප කළ යුත්තේ විවාදයට යෑම බවත් පැවැසී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත... මෙයාගේ පවුලෙම කීයකට පඩි දෙන්න තියෙනවද? ඔක්කොගේම සෞදම විතරයි. කෙරුවාවල් ගන්න දෙයක් නැහැ.
අවුලක් නැහැනේ. චීනෙන් සල්ලි ගන්න පුළුවන්නේ. රටේ මිනිස්සු හරක් වගේ ඔලුව වන වන ගෙවනවනේ... ඒ නිසා ඕනෑතරම් පාර්ලිමේන්තුවේ කාලය කාපල්ලා..
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ පවුලේ සාමාජිකයන්ට සෑම විනාඩියක් වෙනුවෙන්ම කොපමණ මහජන මුදලක් වැයවෙනවාද?
මහජනතාවගේ සල්ලි කන ඔය දියවන්නාවේ හොල්මන් මන්දිරය රටටම ශාපයක්. එහි එල්ලී, රටවැසියන්ගේ ලේ උරා බී ජීවත්වන වැම්පයර් වවුල්ලු 225 ඊටත් වඩා රටට ශාපයකි. දවසක ඔය භූත මන්දිරය මිනීමරු වවුල්ලුත් සමගම පොලොවට ගිලාබස්සොත්... එදාට අපේ රටට වාසනාවන්ත යුගයක් බිහිවේවි....
හැම දේශපාලකයකුම නඩත්තු කරන්න එක විනාඩියකට යන වියදමත් ඕකට එකතු කරන්න. රට මෙච්චර ණය බරින් මිරිකෙන්නේ ඇයි කියලා තේරේවි...
විනාඩියකට රුපියල් ලක්ෂයක්? සුළුපටු ගානක්ද? රටේ අහිංසක ජනතාව බෙහෙත් ටිකක් ගන්න නැතිව, හරියට කන්න නැතිව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ, පාර්ලිමේන්තුවේ කිසිම තේරුමක් නැතිව ලක්ෂ ගණන් අපරාදේ වියදම් කරනවා. ඇත්තටම පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක්ද? එයින් රටට ජනතාවට ඉටුවෙන සේවය කුමක්ද? නිකම් කුණුහරුප කියන්න, එකිනෙකාගේ හොරකම් කරපුවා කියන්න, ඇයි මෙතරම් මුදලක් වැය කරන්නේ? පාර්ලිමේන්තුවෙන් සාධනීය සේවයක් ඉටුවෙනවද? මේවා ගැන හරියට තක්සේරුවක් කළයුතු නොවන්නේද?
226ම එක්ක ඕක එක සැරේටම ගිලිලා ගියා නම් රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
එතකොට මිරිස් කුඩු ගහපු දවසේ. පැය ගාන එකතුකරලා ගාන හදලා කියහල්ලකෝ... ඔබලා සේරම අහිංසක මිනිස්සුන්ගේ මුදල් හූරාකන්න ආපු "කාල" "කණ්ණියෝ....
ඔය මුදල ජනතාවට යහපතක් වෙන විදියට යොදා ගන්න තමයි පාර්ලිමේන්තු ප්‍රධානිකේ ඉන්නේ.