(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් උසාවි දැක්කීම සාධාරණද නැද්ද යන්න නැවත සිතාබලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද පාර්ලිමේන්තු තුළ මීට වඩා දරුණු ගැටුම් ඇතිවී තිබෙන බව කී මන්ත්‍රීවරයා එම අවස්ථාවල කතානායකවරුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්ද යන්න වත්මන් කතානායකවරයා සොයා බැලිය යුතු යැයි ද කීවේය.
බ්‍රසීලයේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් ආසන ඔසවා ගහගැනීම නිසා එහි මන්ත්‍රීවරුන්ගේ හිසට පවා තුවාල වී තිබෙන බව කී අනුර යාපා මහතා ගාලු මුවදොර ඉදිරිපිට පැරණි පාර්ලිමේන්තුව පැවති කාලයේ ද මන්ත්‍රීවරුන් පුටුවලින් ගහගැනීම නිසා ඒවා එසවීමට නොහැකි පරිදි ඇණ දමා තද කළ බව සඳහන් වන්නේයැයි ප්‍රකාශ කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේ කෝලාහලයක් ඇතිවූ නමුත් එවැනි තත්ත්වයක් ඇති නොවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙහිදී මන්ත්‍රීවරුන්ට පමණක් නඩු පවරා ඇතත් එම කාලයේ කතානායකවරයා හැසිරුණු ආකාරය ගැනත් ගැටලු තිබෙන බව අනුර යාපා මහතා පැවසීය.
කතානායකවරයා තම අසුනට නොගොස් පාර්ලිමේන්තුවේ මුල්ලක සිට තීන්දු ගනිමින් පාර්ලිමේන්තු සම්ප්රදාය හා ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම උසාවියට යායුතුයි රටේ පුරවැසියෝ කව්රුත් නීතියට යටත්, ඒවගේම ඒ තුලින් අසීලාචාර පාර්ලිමේන්තු නඩත්තු කරන අපි වගේ රටවලට අපෙන් පුර්වාදර්ශයක් ගත හැකිය. පුටුවලින් ගැහැව්වේ නැහැ කියන එක සම්පුර්ණයෙන්ම බොරුවක් අපි වීඩියෝ දැක්කා
වෙනම නීතියක්ද? රටතුල නිතිය කාට කාටත් පොදුයි කියන එක අමතක වෙලාද? ඕක තමයි මේ රටට වෙලා තියෙන්නේ.
මෙයා කියන්නේ අපුරු කතාවක්නේ. එදා හැසිරුණු හැටියට උසාවි ගෙනියන්නම ඕනෑමයි. එදා ඒ අය හැසිරුනේ නම් විකෘති මනසකින්මයි. ගමේ අසරණ පියදාස පොඩි වරදක් කලොත් උසාවි විතරක් නෙමෙයි ඇපත් නැහැ. මෙතරම් වැරද්දක් කරපු කට්ටියව අනිවාර්යයෙන්ම උසාවි ගේන්නම ඕනා.
මොකද පාර්ලිමේන්තු ගියාට අපරාධකාරයින් උසාවි ගෙනියන්න එපා කියන්නේ.
මෙවැනි ප්‍රකාශ කිරීමට තරම් අපේ දේශපාලකයන් නුගත්ද? ඔවුන් ඇනකොටාගෙන මියගියත් සාමාන්‍ය ජනතවට කමක් නැත. නමුත් අහිංසක නිරායුධ පොලිස් නිලධාරීන්ට කල තුවාල වලට ඔවුන් වගකිවයුතු නැතිද. රටේ සාමාන්‍ය නීතිය ඔවුනටද අදාල විය යුතුය.
ඒ කියන්නේ කොච්චර වැරදි කලත් ප්‍රශ්නයක් නැහැ කියන එක නේද? අනිත් එක, පුර්වාදර්ශ ගන්න ඕනේ හොද දේවල් වල මිසක් නරක හෝ වැරදි දේවල් ගැන නොවෙයි. ඡන්දදායකයිනි මේ ඔබේ අවදානය පිණිසයි.
එතකොට රටේ නීති, අධිකරණ, බන්ධනාගාර සාමාන්‍ය ජනතාවට පමණයිද?
මහජන බදුමුදලින් යැපෙන ඔයාලට අමුතු නීතියක් ද?
ඔයාලා එක්කෙනෙක්වත් අපිට නම් එපා මහත්තයෝ , 225 ම උසාවි ගියත් අපිට කමක් නෑ, බලමු එතකොටවත් රටට සෙතක් වේද කියලා, ඔයාල 225ම හැදියාව රටම දැක්කා
පාර්ලිමේන්තු සම්ප්රදාය හා ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කරන ලද්දේ කව්රුන්ද කියා අනුර ප්‍රියදර්ශන යාපා ට අමතක වී ගොස් ඇති බවක් පෙනේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු තුළ මීට වඩා දරුණු ගැටුම් ඇතිවී තිබෙන බව කියන මේ මන්ත්‍රීවරයා එසේ වූයේනම් එම අවස්ථාවල එකල සිටින ලද කතානයකවරුන් නිවැරදි තීන්දු ගෙන වැරදි කල අයට දඩුවම් දුන්නේ නම් අද මෙවැනි වාතාවරණයක් පාර්ලිමේන්තුව තුල ඇති නොවන බවට නීතිවේදියකු වන අනුර ප්‍රියදර්ශනට අමතකව ගොස් තිබීම කණගාටුවට කරුණකි.
ඇයි. මන්ත්‍රීවරු කියන්නේ විශේෂ ජාතියක් නෙමේ නඩු දානවට ලැජ්ජා නම් මෝඩයෝ වගේ හැසිරුනේ. ඇයි පිට රටවල දේවල් අනුමත කරන්නේ නැහැ. නේද. ඒ කියන්නේ වාසි පැත්තට. හෝයියා කියන එකද. එහෙම බැලුවොත් පිටරට වල පාර්ලිමේන්තුවේ ජනතාවට දෙන පහසුකම්. ඒ ඇමතිවරු ගන්න තීරණ ඇයි අපේ අයට ගන්න බැරි. ඒ මිනිස්සු ගහගන්නේ ජනතාව වෙනුවෙන්. අපේ අය ගහ ගත්තේ මිරිස් කුඩු, පිහිවලින්. කිසිම රටක මේ වගේ දෙයක් සිදුවෙලා නැහැ, ඒ වුනාට ලෝකෙට පෙන්නන්නේ උගතුන් ඉන්න රටක් විදියට.
ඉතාම සාධාරණයි. මින්පසු කවදාවත් පාර්ලිමේන්තුවේ වැලි ඇටයක්වත් පාගන්න තියන්න ඉඩදෙන්න එපා.
මේ අයව උසාවි ගෙනයාම සාධාරණ නොවේනම්, ඔවුන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම සාධාරණ යයි සිතමි.
හරිම සාධාරණයි. රජයේ දේපලවලට හානි කිරීම බලවත් වරදක්. අපි දුටු වීඩියෝ දර්ශනවලින් ඔබලාගේ හැදියාව තක්සේරු කළා.
නීති සම්පාදනය කරන වුන් නීතිය කඩකරනවානම් අන්න එවුන්ට තමයි උපරිම දඬුවම් දෙන්න ඕනේ . ඒක නිසා අපි කියනවා නීතියට ඉඩ දීලා ඔබ ඔබට පැවරී ඇති රාජකාරියේ පමණක් නියැලෙන්න කියා ..
මෙන්න බලන්න මෙයාගෙ කතාව, මොලේ තරම පේනවා නේද, හිතන් ඉන්නේ රටේ නීති දෙකක් කියල, අනික අනිත් රටවල්වල වැඩ අපිට මොකටද, අපේ රටේ නීතියට අපි වැඩ කරමු.
මෙයා කියන කතාව හරි. පුටු උස්සල ගහන්න බැරි විදිහට හයි කරලා තියෙන්න ඕනේ. අතින් පයින් ගහ ගන්න බැරි විදිහට මන්ත්‍රීලගේ ඇත කකුල් බැදලා, කුණුහරුප කියන්න බැරි විදිහට කටේ පාංකඩ ඔබල පාර්ලිමේන්තු යනවන්න ඕනේ.
මේ ආණ්ඩුව 2015 පොරුන්දු පරිදි නීතිය ක්‍රයාත්මක කළා නං, ඕගොල්ලෝ 225 න් බහුතරය අද ඉන්නොන හිරේ.
ඔබලා කලේ පාළු ගෙවල් වල වළං බිඳිමයි. ඔබලා කලේ මන්ත්‍රී වරප්ප්‍රසාද වලට මුවාවී පොලිස් නිලදාරීන්ට පුටුවලින් ගැසීමයි. ඔබලාගේ වරප්ප්‍රසාද නොතිබුනානම් පොලිස්සිය ඔබලාගේ හතර හන්දි කඩා දමනු ඇත. ඔබලා පුටුවලින් දමාගසුවේ එජාපයින්ට නම් මම එය ඉහලින් අනුමත කරමි. රාජකාරියට පැමිණි මුවාවීමට කුල්ලක්වත් නැතිව පැමිණි පොලිස් නිලදාරීන් පුටුවලින් දමාගසීම නින්දිතය. හැසිරුනේ වළං කඩයට කඩාපැන්න මීහරක් ලෙසය.
පිටරටින් ආදර්ශයට ගන්නේ නරක දේවල් වලට විතරයි. ආදර්ශයට ගන්නවානම් හොඳ දේවල් කොච්චර තියනවද
මොකක්ද ප්රශ්නය...? ඇයි මන්ත්‍රීලා, ඇමතිලා, අගමැතිලා ,කතානායකලා, ජනාධිපතිලා ...දෙවි වරුද...? ඕන කෙනෙක් වැරැද්දක් කලොත් අල්ලලා කුඩුවේ දන්නා ඕන.අපේ රටේ නොවෙන්නෙත් ඒකමයි. නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඉන්න ඇම්ඩන්ලා නීති හදන්නේ ඒ ගොල්ලෝ බේරෙන විදිහට. පොඩි කෙල්ලෙක් ඉස්කෝලේ පොත් ගන්න සල්ලි නැතිව , අල්ලපු වත්තෙන් වැටිලා තිබුන පොල්ගෙඩි 6ක් හොරකම් කළා.මාස 6 කට සිර දඬුවම්. ඔය කියන මන්ත්රියෙක් රුපියල් කෝටි ගණන් රජයේ මුදල් කොල්ල කනවා. ඒකා ඇප පිට නිදහස්. ලැජ්ජයි....මිනිස්සුනේ..1948 ඉඳලාම ඒ කියන්නේ අවුරුදු 70 විතර මේ නිල්පාට ,කොලපාට කොල්ල කාරයෝ අපිව රැවටුව බව දැන්වත් තේරෙනවාද...මීළඟ චන්දෙදිවත් බුද්ධිමත්ව ඔබගේ චන්දය පාවිච්චි කරන්න.රට කාපු ඇම්ඩන්ලාට ,උන්ගේ දරුවන්ට ,උන්ගේ ගැහැනුන්ට ...පාර්ලිමේන්තුවට යන්න තියෙන " බලපත්‍රය " තිබෙන්නේ ඔබ අතෙයි...ඒ තමා ඔබගේ වටිනා චන්දය.ලංකික සමාජය තුල දැන් දැන් ධනාත්මක ලෙස හිතන , නව චින්තනයක් සහිත තරුණ උගතුන් බිහි වෙමින් පවතිනවා.එයින් කෙනෙක් අපිට තෝරා ගන්න හැකිනම් ...එයත් දිනුම් ,අපිත් දිනුම්, රටත් දිනුම්.
උඩ අදහස් බැලුවම නීතිය ක්‍රියත්මක කලයුතු බව බව පෙනෙනවනෙ. පර්ලිමෙන්තුව නොහදා සාමාන්‍ය ජනයා සැදිය නොහැක.
අනිවාර්යෙන්ම උසාවි ගෙන ගිය යුතුයි.
නීච රැල උසාවියට ගෙනයා යුතුමයි
නීතිය කාටත් පොදුයි. හිතාගෙන ඉන්නේ මංත්‍රිලාට නීතිය අදාල නැහැ කියලා. වැරදි කරපු සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනමයි.
පාර්ලිමේන්තුවේ මරා ගන්නවා බලන්ඩ හිතිලද ?
මෙතන අදහස් දාල තියන ගොඩක් අය දේශපාලකයින් ගැන දරන තක්සේරුව හා කලකිරීම පැහැදිලිවම පෙන්නුම් කරලා තියෙනවා. නමුත් ඒ සෑම දෙයකටම අකමැති බව ප්‍රකාශ කර ඇති අය තමන්ගේ අකමැති භාවය අදහස් වලින් ප්‍රකාශ කරන්න තරම් ආත්ම ශක්තියක් නැති අයද? මෙච්චර දේශපාලන කුජීතයෝ, කුඩල්ලෝ ලංකාවේ ඉන්නවානේ....
මෙයා කටින් ද නැත්නම් වෙන කොහෙන් හරිද කතා කරන්නේ. අනිවාර්යෙන් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි
මමත් කියන්නේ අසාධාරණයි කියලා ඔය වැඩේ කරනවට.පවුනේ අප්පා එයාලා.
අනිවාර්යෙන් උසාවි යවලා විතරක් මදි දඬුවම් දීමත් කල යුතුය.
අනුර යාපා ලැජ්ජා විය යුතුයි තමන්ගෙ කතාවට...
අනිවාර්යයෙන්ම උසාවි ගෙන යා යුතුයි. රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුල ගැටුම් ඇතිකල සියලු දෙනාටත් එයට අනුබල දෙන සියලු දෙනාටත් නැවත පාර්ලිමේන්තුවට නොව ප්‍රාදේශීය සභාවකටවත් එන්න අවස්තාවක් නොදිය යුතුයි. විනයක් නැතිව රටක් දියුණු කරන්න බැහැ. එනිසා ගැටුම් ඇතිකල සියලු දෙනා ඉවත්කර පළමුව පාර්ලිමේන්තුවේ විනය ඇතිකල යුතුය.
දැඩි දඩුවම් දිය යුතුය. නැත්නම් මොවුන්ගේ ගෝලයොත් මේවා බලා රට පුරාම ප්‍රාදේශීය සභා, පළාත් සභා, පොලිස්ස්ථාන, රජයේ කාර්යාලවල දගලන්න පටන්ගතොත් ගත්තොත්, මේ රට ඉදිරියට කරගෙන යන්න බැරිවෙනවා. විනය හදන එක රටේ ලොක්කන්ගෙන් පටන්ගත යුතුය
සැන්ඩි, ඔය අකමැතියි කියලා ලකුණු දාල තියෙන්නේ හොර දේශපාලකයින්ගේ පා ලෙවකන , බත් බැලයෝ. ඒ නිසා ඒවා ගනන්ගන්න එපා. ඒ අයට කොහොමත් කොන්දක් නැහැනේ. බත් මුලට ,අරක්කු කාලට, රුපියල් 200 ට ඕනෑම දෙයක් පාවාදෙන පිස්සෝ.