(ඩයනා උදයංගනී)
මැතිවරණය කොමිසම මගින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇතත් මේ මොහොතේ ආණ්ඩුවේත්, මැතිවරණ අපේක්ෂකයින්ගේ මෙන්ම මැතිවරණ කොමිසමේත් අවධානය සම්පූර්ණයෙන් යොමු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවසීය.
මෙම වසංගතය මර්දනය කිරීමෙන් පසු මැතිවරණයට සූදානම් විය හැකි බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා ලබාදිය හැකි ඈතම දිනයක් ලබාදීමට මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇත්තේ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට විපක්ෂයේ පක්ෂ කරන ඉල්ලීම් යටපත් කිරීමට බව ද හෙතෙම කීවේය.
මැතිවරණය දින නියමයකින් තොරව කල්දැමූ දා සිටම පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ බලකිරීම් කළ බව කී හිටපු මන්ත්‍රීවරයා ජනතාව විසින් පසුගිය මැතිවරණ දෙකකදීම ප්‍රතික්ෂේප කළ එම පක්ෂවල ඉල්ලීම අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට නැතැයි ද සඳහන් කළේය.
ඔවුන් ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ ක්‍රියාවට නැංවූ යහපත් වැඩපිළිවෙලට බාධා කළ බව ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන්ඩ ඉන්න අපට චන්දය දිලා, චන්ද විරුවෙක් වෙන්ඩ බැරිද?
මැතිවරණය දින නියමයකින් තොරව කල්දැමූ දා සිටම පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටි. පාර්ලිමේන්තුව කැදවීම ප්රජතන්ට්රවාදයේ ලක්ෂණයකි. ජනාධිපතිවරයා සහ රජය පාර්ලිමේන්තුව කැදවීමට අතිශය බියක් දක්වන්නේ මන්ද කියා ජනතාවටත් මේවනවිට ප්රස්නයක්ව තිබේ. පාර්ලිමේන්තුව නැවත කැදවූවත් මේ අවස්ථාවේ විපක්ෂය රජයට සහයෝගය ලබාදෙනවා ඇත . රටේ ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිට හැකිවුවත් ඔහු එසේ නොකර , පාර්ලිමේන්තුව කැදවීම නොකරනබව කියා තිබේ. පාර්ලිමේන්තුව කැදවුවත් 225ම කැදවීමට අවශ්‍ය නොමැත. රජයේ වර්තමාන ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම උවහොත් 69 ලක්ෂයක ජනතාව මීලග මැතිවරණයේදී ඔවුන්ගේ චන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතනු ඇත. ජනතවට සහන ලබා දීමට නම් ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව කැදවීමට සියලු පක්ෂ ඉල්ලා සිටියත් රජය එසේ නොකර විපක්ෂයේ කකුලෙන් අදිමින් සිටින බව පෙනේ.
වැසිකිළි සෝදන්නේ නැතිව ඉන්නවද?
අනේ මෙ මහත්තයා කියන දේ කවුරුත් අහන්නකෝ හොදේ...
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දිනයේදී රැස්වූයේ එහි සාමාජිකයින් තිදෙනා වන මහින්ද දේශප්‍රිය, මහාචාර්ය රත්නජීවන් හූල් හා අබේසේකරගේ සහභාගීත්වයෙන්ය. මෙහිදී ඉදිරිපත් කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා හා නීති අංශය සකස් කළ මුල් ගැසට් නිවේදනයේ මැතිවරණ දිනය ලෙස සඳහන්ව තිබුනේ මැයි මස 30 වෙනි දා බව අන්තර්ජාලයේ ප්රසිද්ධකර ඇති වාර්තාවල සඳහන් වෙනවා. ඒ බව කොමිසම හමුවේ පෙන්වාදුන් රත්නජීවන් හූල් මහතා තමන් එම ලේඛනයට අත්සන් නොතබන බව ප්‍රකාශ කළ බවත් වාද විවාද බහුල සංවාදයකින් පසුව තිදෙනාම මැතිවරණ දිනය ලෙස ජුනි 20 තීන්දු කළ බවත් එම වාර්තාවල සඳහන් වෙනවා. මේ කතාව ඇත්තනම් කාට හරි මැතිවරණය කඩිනමින්ම තියන්න අවශ්‍යතාවයක් පැනනැගී ඇතිබවයි පෙනෙන්නේ.
මේ වෙලාවේ ඔය පාර්ලිමේන්තුව නම්වූ කතා සාප්පුව හැර තිබුනා නම් අපට මිනී කඳු පෙනී පෙනී ඔවුන්ගේ රස කතා අහ අහ ඉන්නයි වෙන්නේ. අපි නොදන්න පාර්ලිමේන්තුව...
මැතිවරණයට දින නියම කළේ අගමැතිවරයාගේ තර්ජනාත්මක ටෙලිෆෝන් කෝල් එකකින් කියන්නේ ඇත්තද....?එහෙම නම් මැතිවරණ කොමසාරිස් වහාම ඒ ගැන ප්‍රකශ කරන්න.අපිට චන්දෙට වැඩිය රටේ ජනතාව වටිනවා.
මෙයා කතා කරන්නේ බොක්කෙන්නම් නෙවෙයි.
ඒ වගේම මෙවැනි අපතයන් නැවත පාර්ලිමේන්තුවට නොයැවීමට.....
කොරෝන ඉවරවෙලා චන්දෙ තියෙනකම් හිටියොත් හද පායාවි....
ස්වයන් නිරෝධායනයකට පස්සේ එලියට ඇවිල්ලා. ඉදිරියේදී ලොරි ටෝක් අහගෙන ඉන්න වෙයි නොසෑහෙන්න... කොරෝනා තිබ්බා නම් හොදයි වගේ.
මැතිවරණයක් තියලා ලෝකෙටම විහිලුවක් වෙනවා...
පිස්සු. කොහෙද හිටියෙ? දැක්කේ නැ කාලෙකින්...
අනේ කමක් නැහැ මිනිස්සු මැරුණට ඕක මොකද්ද ? අපිට අපේ අයිතීන් ආරක්ෂා වෙනව නම් නේද? ඒ වුනාට අදින්නේ ජාතික ඇදුම.... පවුලේ හැමෝම ඉන්නේ පිටරට
ඇයි දැන්ද ඕක කියන්නේ? අනිත් පක්ෂ මැතිවරණ දැන්ම තියන්න එපා කියද්දි කොහෙද හැංගිලා හිටියේ ? නිකන් මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිව ඉන්නවද ?