(නාලක සංජීව දහනායක)
මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සිදුව ඇති ප්රශ්නය පිළිබඳව තමන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ආයතන පරිශ්‍රයට කැරළි මර්ධන ඒකකය කැඳවීම සම්බන්ධයෙන් තමන් විශේෂයෙන්ම විමර්ශණයක් පවත්වන බවත් ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප්‍රකාශකයකු පැවැසීය.
ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරන අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුවීනම් තමන් සමාව ඉල්ලා සිටින බවත් එම ප්‍රකාශකයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ප්‍රකාශ නිකුත් කිරීමේදී පරිස්සම් විය යුතු බවත් කඩාකප්පල්කාරීන්ට වාසි සහගතවන ලෙස ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සහභාගී නොවූ බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද මානසික ලෙඩක් නැහැ කියලා පෙත්සම ඉවත් කර ගන්නේ?
4% තියාගෙන මොන බලපෑම් කරන්නද සර්? ඕනෑ නම් ආණ්ඩුවේ කකුලෙන් අදින්න පුළුවන්.. මොකද ඔබතුමා ජනාධිපති නිසා?
දැන් තේරෙනවාද තමන්ට තිබුණු ජනාධිපති බලතල වෙන කෙනෙකුට දීලා ජනතාව විඳින වදේ. ඔන්න ඕවා හිතලා තමයි ජේ.ආර්. ඔය බලතල ජනාධිපති කෙනෙකුට දුන්නේ... ජේ.ආර් දිවැසින් වගේ දැක්කා රනිල් වගේ කෙනෙකු අගමැති කෙනෙක් වුනොත් රටට වෙන වින්නැහිය...
නොදන්නා වැඩ කරන්න ගිහිල්ලා වැටිච්ච අමාරුව අමතක වෙලා වගේ... ආයෙත් ඉල්ලගෙනම කන්න වගෙයි. මහින්ද මහත්තයවත් ආයෙත් අමාරුවේ දාන්න වගෙයි ලෑස්තිය. මේ පාර නම්, මහින්ද මහතාව අන්දවන්න බැරිවෙයි වගේ. තනියෙන්ම ඇඳගෙන තනියෙන්ම නාන්න තමයි වෙන්නේ...
තමන්ට ඡදේ දුන්නු අයට කලගුණ සලකන විදිය
බලයෙන් මත් වෙලා වගේ පෙන්නේ.
දැන් විපක්ෂ නායක කමත් ජනාධිපති බාර අරගෙනද? අනිච්චේ රටකට ගිය කල!
ආයේ පාරක් නාගන්න වගේ සුදානම. ප්‍රශ්නේ තියෙන්නේ මෙයා විතරක් නෙමේ, රටම අවුලක් වෙන එක මෙයාගේ වැඩ නිසා. ඔච්චරම ජන්දයක් ඕනි නම් ජනාධිපතිවරනයක් තියන්න කෝ.
ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ලගදීම එනවා .
ඇයි, ගැසට් ගහන එක එපා වුණාද? පාර්ලිමේන්තුව විසුරුවල ජනවාරි 5 තිබ්බ ඡන්දෙට මොකද වුනේ ?
අපට පක්ෂ පාට භේදයක් අවශ්‍ය නැහැ. පසුගිය මහා මැතිවරණයේදී මේ රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ වසර පහකටයි. ඒ නිසා සිරී, මහී ඇතුළු කල්ලි ජනවරමට පිටුපා අයුතු ලෙස තීන්දු තීරණ ගත්තා. එම තීන්දු තීරණ නීති විරෝ්ධී බව ගරු අධිකරණය තීන්දු කළා. එසේ තිබියදීත්,තවත් හොර උප්පරවැට්ටි අවශ්‍ය නැහැ.මේ රටේ ජනතාවට රනිල් ඇතුළු මේ රජය එපා නම්,ජනවරමට අනුව මැතිවරණය පවත්වා රනිල් ඇතුළු කට්ටිය ගෙදර යැවීමට ජනතාවට ඉඩ දිය යුතුයි.සිදුවිය යුත්තේ එය මිස සිරී මහී ඇතුළු කල්ලියේ උවමනාවට ඡන්දය ඉක්මන් කිරීම නොවේ. සිරී මහී ඇතුළු කල්ලියේ තිබුණු හොර ආණ්ඩුව නීති විරෝධී එකක් බව ජනතාව නිතරම තදින් සිහි තබා ගතයුතු කරුණක්.
78 ව්‍යස්ථාවේ හිල් තමියි පෙන්නේ. තමන් බලය ලබාගත් කණ්ඩායමෙන් පිටපැනලා වෙනත් කණ්ඩායමක් බලයට ගෙන්න කරන උත්සහයක් බවයි පෙන්නේ. මින් ඉදිරියට කුමන පක්ෂයකින් හෝ පක්ෂ අපේක්ෂයෙක් මිසක් පොදු අපේක්ෂයකින්ට ජනාධිපතිවරනයේදී ඡන්දය නොදියයුතු බවට හොඳ පාඩමක් මෙයින් අපට කියාදෙනවා. හේතුව පොදු අපේක්ෂකයෙක් වන මෛත්‍රී වගේ අනිත් පැත්තට පනින අය ඉන්න නිසා. පසුගිය කාලයේ අතිවූ සියලු ගැටලුවලට හේතුව පොදු අපේක්ෂකයෙක් ජනාධිපති ධුරට පත්වීමයි.
ජනපති තුමනි, කෙලින් කියන්න ඔබ පොහොට්ටුවේ සන්ධාන කරුවෙක්ද, පොහොට්ටුව ඔබේ සන්ධාන කරුවෙක්ද ? කෙලින් කතා කරන්න.
ජනාධිපතිතුමාටත් දැන් පොහොට්ටුවට බෙදෙන එක විතරි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකම කරනේ
බමුණුට මෙන්න ප්‍රශ්නයක්, රෝමයේ හිටපු මාර්කස් ටුල්ලියස් සිසේරෝ (106 -43 ක්‍රි.පූ.) අප දන්නා තරමින් නම් ඉතා දක්ෂ කථිකයෙක්, දේශපාලනඥයෙක්, මෙන්ම දාර්ශනිකයෙක්... ඔහු පෙරකදෝරුකම් කළ බවක් නම් අපි දන්නේ නැහැ. අනිත් කාරණාව මිනිහා කතාකෙරුවේ ලතින් මිසක් ඉංග්‍රීසි භාෂාවෙන් නොවෙයි! ඔබතුමා අති පණ්ඩිතයෙක් ලෙස පෙනී හිටියත් හණමිටි බමුණු මත කර ගසාගත් ප්රතිගාමී කෙවට්ටයෙක්ය කියලයි මට නම් හිතෙන්නේ!