
(ඩයනා උදයංගනී)
මාතලේ අඹන්ගඟ කෝරලයේ පුස්සැල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති ඉඩමක මිනිරන් පතල් කැනීම සඳහා සමාගමකට බලපත්‍ර ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොළ මහතාට උපදෙස් දී ඇත.
මෙම වාර්තාව මෙම සතිය තුළදීම තමන්ට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම ප්‍රදේශයේ නායයෑම් සිදුවිය හැකි බවට, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබියදී, ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයක් පවා ලබානොගෙන විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් එහි මිනිරන් පතල් කැපීම සඳහා වන බලපත්‍රයක් නිකුත් කර ඇති බවට ‘ලංකාදීප’ අද (1) පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලය යටතේ පළ ව ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.
නාය යන ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය නම් කර තිබේ නම් හා කැණීම් බලපත් ලබාදීමේ දී කිසියම් පාර්ශ්වයක් විසින් එය හිතාමතා නොසළකා හැර හෝ වෙනත් අවිදිමත් අයුරකින් බලපත් නිකුත් කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන දූෂණ කියන කාලකණ්ණි ක්‍රමය කොච්චර දුරදිග ගිහින්ද කියලා පේනවද? ආයෙමත් හොරුන්ට බලය දෙන්න.. ඉතුරු ටිකත් කාලා ලංකාව කියලා රටක් නැතිම කරලා දාන්න පුළුවන් 2030 වෙද්දී...