IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාතර මහ රෝහලට අලියාන්ස් අතහිත

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විසින් මාතර මහ රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සම්පත් ප්‍රදානය කරනු ලැබීය.

සාමාජීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා මාතර මහ රෝහලේ ඇති වැදගත්කම හඳුනාගත් අලියාන්ස් සමාජ සත්කාරක කණ්ඩායම, රෝගීන් වෙත විශිෂ්ට සේවාවක් සැපයීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම හා ඔවුන් ඉතා ඉක්මනින් සුවපත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම සිදු කළේය.

රුපියල් මිලියන 2කට අධික වෛද්‍ය උපකරණ මාතර මහ රෝහල වෙත ප්‍රදානය කළ එම අවස්ථාව සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර, වෙළෙඳපොළ කළමනාකරණ - සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ අලියාන්ස් ලංකාහි නියෝජිතයන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

මාතර මහ රෝහල නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්.එම්.කේ. මැදිවක නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.යූ.කේ රත්නායක, මාතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සුරංගිකා ජයවික්‍රම, වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය සුජිත් ජයතුංග යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.



අදහස් (0)

මාතර මහ රෝහලට අලියාන්ස් අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site