(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට මෝටර් රථයකින් විදේශීය මත්පැන් හා නීති විරෝධි අන්දමින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් විකිණීම සඳහා රැගෙන ආ බව කියන පොලිස් ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මත්පැන් බෝතල් දහයක් සහ දුම්වැටි බන්ඩල් හයක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
රාත්‍රී සමාජ ශාලාවක් වෙත විකිණීම සඳහා තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් හා දුම්වැටි රැගෙන පුද්ගලයෙකු පැමිණ ඇති බව කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු වැඩ තහනමට ලක් වූ අයෙක් බව ද පොලිස් නිලධාරියෙකු පැවැසීය.
සැකකරු පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ ....??? මේ හිගන්නට දරුවන් නැතිව ඇති. අඩු තරමින් සහෝදර සහෝදරිනට හෝ ඥාතින්ටවත් දරුවන් නැතිව ඇති.නිතිය ආරක්ෂා කරන්න ඉන්න මෙන්ම සාමාන්‍ය ජනතාවට ආදර්ශයක් ලෙස සිටිය යුතු උදවිය නේද මෙසේ පරයන්වී තිබෙන්නේ...නොදකින් පව්කාර කාලකන්නිය තමන්ගේ අහිංසක දෙමව්පියන්ට සහ නිල ඇදුමටත් අපහස කරලා........
මගේ මේ ප්රශ්නය කෙලින්ම යොමු කරන්නේ ජනාධිපති තුමාට, ජනාධිපතිතුමනි, දැනට පොලිසිය බාර අමාත්‍යාංශය තිබෙන්නේ ඔබේ යටතේ.. නමුත් මෙම අපරාදකරුවන්ට (මදුෂ්, කොස්ගොඩ සුජි, අංගොඩ ලොක්කා, කන්චිපනි ඉම්රාන්, කොස්ගොඩ නදුන් ) ලංකාවේ අධිකරණවල තිබෙන වරෙන්තු ඉන්ටර්පෝල් හරහා එමිරේට් රටට බාරදීමට ලංකාවේ පොලිසිය තවමත් කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා එම නියෝගය පොලිසියට දුන්නද? නොදුන්නා නම් එ්කට හේතුව කුමක්ද?