IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය වැරදිවලට 1241ක් දැලේ

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ උපදෙස් මත හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා සිට මෙම මෙහෙයුම් අරඹා ඇත.

සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා අපරාධ වලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වශයෙන් එය අරඹා තිබෙන බව අමාත්‍යාංශය කියයි.

ජුලි මස 20 දිනය පුරාද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා දිවයින පුරා පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෝ  5300ක් සහභාගී වූහ.

එහිදී පුද්ගලයන් 21132 දෙනකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 7922ක් හා යතුරු පැදි 6545ක් පරීක්ෂාවට ලක් කෙරිණු බව අමාත්‍යංශය කියයි.

මෙම මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී මත්පැන් ඇතළු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1241ක් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ අනුව සමස්ථයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254679ක් හෙරොයින් මිලිග්‍රෑම් 112567ක්, ගංජා මිලිග්‍රෑම් 3738356ක්  අත්අඩංගුවට ගෙන ඇත. 

20 වැනිදා  සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 5ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ රටක නිශ්පාදිත ගිනි අවියක්ද ඒ අතර වන බව අමාත්‍යංශය කියයි.

අපරාධවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකුද සහ විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 321 දෙනෙකුද මෙම  වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍යංශය කියයි.



අදහස් (1)

මත්ද්‍රව්‍ය වැරදිවලට 1241ක් දැලේ

Perakum Liyanagama Tuesday, 22 July 2025 03:19 PM

කොච්චර මහන්සි වෙලා කොටුකරලා ඇල්ලුවත් ඇති වැඩේ මොකක්ද? සුලු දඬුවමක් දීලා නිදහස් කරනවනේ... ඊට පස්සේ ඇවිත් ආයිත් වැඩේ තව සරුවට කරගෙන යනවා. මේක තමයි ආසියාවේ ආශ්චර්යය..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site