IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය-කඩු - මුදල් සමග තිදෙනෙක් මිල්ලනිය දී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බස් ව්‍යාපාරය කරන මුවාවෙන් කොළඹ මත්ද්‍රව්‍ය රැගෙන විත් මිල්ලනිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක  බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය බස්රථ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනෙක් මිල්ලනිය සිසිල වත්ත  නිවසක දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ කොළඹ බස් රථයක හිමිකරුවෙකු සහ එහි  කොන්දොස්තරවරයෙකි . අනෙක් පුද්ගලයා බෙදාහැරීමේ නියෝජිතයාය 

එම සැකකරුවන් සමග හොරෙයින්  මත්කුඩු ග්‍රෑම් 20 ක්,කේරළ  ගංජා ග්‍රෑම් 20 ක්,අයිස් මත්ද්‍රව්‍ය පැකට් 15 ක්,ගංජා කූරු 4 ක් මෙන්ම කඩු දෙකක් ද,   මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 73000 ක මුදලක්ද , මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත්  ත්‍රිරෝද රථයක් සහ    යතුරු පැදියත්,සහ  ජංගම දුරකථන තුනක්ද   පොලිසිය භාරයට ගෙන ඇත .

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතාට ලද තොරතුරක් එම නිවස වැටලීමේදී සැකකරුවන් තිදෙනා හොරයින් මත්කුඩු පැකට් කරමින් සිටි බව පොලිස්  නිළධාරියෙකු පැවසීය 

මීට මාස එකහමාරකට ඉහතදී  බස්රථ හිමි ව්‍යාපාරිකයා  රුපියල් 13000 මුදලකට  නිවස කුලියට ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අනුරාධපුර සහ මාතර පදිංචිකරුවන් ය. සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය  

 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය-කඩු - මුදල් සමග තිදෙනෙක් මිල්ලනිය දී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site