( තිළිණි ද සිල්වා )
මත්තල ගුවන්තොටුපල, සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේදී එය ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
විදේශිය සංචාරක ගමනාන්තයක් ලෙස එම ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගැනෙන බව ද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් 19 වසංගතය රට තුල පැතිර යාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත්කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණු අතර සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග එම වැඩසටහන යලි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දේ.
ඒ අනුව සංචාරකයන්ට කටුනායක හා මත්තල ගුවන්තොටුපල දෙකම විවෘත කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.
මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව විදේශිය ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කෘෂි කාර්මික වගාකරුවන් හදුනා ගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කර ගැනීම, භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සදහා පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය කාලයේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම සදහා ද මත්තල ගුවන්තොටුපල භාවිතා කළ අතර පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039ක් වේ.තවද ගුවන් යානා 396ක් මත්තලට පැමිණ ඇති අතර හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83,654ක් යැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
නව ගුවන් සමාගම් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මත්තල ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට යයි