(ප්‍රසාද් රුක්මල්)
පස්සර මඩොල්සිම මාර්ගයේ මාළිගාතැන්න ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පිරිසට රුපියල් 135,000ක වන්දි මුදලක් ඌව පළාත් සභාව මගින් ලබාදුන් බව ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ රාජා කොල්ලුරේ මහතා පවසයි.
අනතුරින් මියගිය පිරිසට එක් අයකුට රුපියල් 15,000 මෙම වන්දි මුදල ලබාදී ඇති බවද ඒ මහතා කියයි.
ඌව පළාත් ප්‍රධාන ලේකම් පී. බී. විජේරත්න මහතාගේ මෙහෙයවීම මත ඌව පළාත් සභාව මගින් මෙම වන්දි මුදල් ලබා දුන් බවද කොල්ලුරේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉකුත් 6වන දින පස්සර සිට මඩොල්සිම ඇකිරිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බදුල්ල ඩිපෝවට අයත් බස්රථයක් මාලිගාතැන්න ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 150කපමණ ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවිය. එම අනතුරින් 9දෙනෙක් මියගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයෙක් වටින්නේ මෙපමණද? නොසේනම ඒවා වන්දි නොවේ දීමනා ලෙස වෙනස් විය යුතුයි.
ඕක නොදී හිටියා නම් ඔයිට වඩා හොඳයි.
රුපියල් 15000/= වන්දියක් ? මිනිස් ජීවිතයක වටිනාකම මෙච්චරද?