(යොහාන් භාසුර)
මඩකලපුව ජනතාවගේ මෝටර් රථ ලියකිවිලි සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ජංගම සේවය' මඩකලපුව හින්දු විද්‍යාලයේදී මේ මස 21 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන මෙම "ජංගම සේවය" වැඩසටහනෙන් 2014/2015 වර්ෂවල රාජ්‍ය නිලධාරීන්ට දුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර අදාළ නිලධාරීන්ට පවරා දීම, වාහනය ලියාපදිංචි සහතිකයේ යම් යම් සංශෝධන සිදු කිරීම,
නව රියැදුරු බලපත්‍ර සදහා අයදුම්පත්‍ර බාර ගැරියදුරු බලපත්‍රයක හෝ වාහනයක තොරතුරු ඇතුළත් උදෘතයක් දීම, සියලුම වාහන සඳහා පැවරුම් ලියාපදිංචි කිරීම, වාහනය පරීක්ෂා කර, බර සහතිකය හෝ අනන්‍යතා සහතිකය දීම.ල්, සිලින්ඩර ධාරිතාව 50ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් සේවාවක් සදහා අයදුම්කර තවම ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැති ගැටළු සඳහා විසඳුම් ලබාදීම, දීර්ඝ කාලයක සිට වාහන ආදායම් බලපත්‍ර ගැනීමට නොහැකිව අසාදු ලේඛන ගතවූ වාහන සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නිර්දේශිත ලිපි නිකුත් කිරීම ආදිය සහ සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමට විශේෂ විභාග පැවැත්වීම, ආබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශයන් දීම, යතුරු පැදි සඳහා පමණක් දුර්වර්ණ වූ චැසි හා එංජින් අංක දේශීය වශයෙන් මුද්‍රණය කිරීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම මෙහිදී සිදු කරන බව ද වීරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd