(ක.ග.කරුණාරත්න)

හබරණ - ත‍්‍ර‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප‍්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක් මහුණට මුහණලා ගැටීමෙන් ත‍්‍රිරෝද රියැදුරා සහ තවත් අයකු මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ හනීෆා මොහමඞ් ඉමාමල් ඉරුෂාන් (40) සහ තංගඋඩයාර් මොහමඞ් රිසවාන්(35)යන දෙදෙනාය.

ඔවුහු කුරුණෑගල,දොරටියාව,වැහැරබැද්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය ත‍්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණ ඇති බවත් ත‍්‍රිරෝද රථය ප‍්‍රතිවිරුද්ධ දිසාවේ එනම් හබරණ සිට කන්තලේ දෙසට ධාවනය වෙමින් තිබී ඇතිබවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.