(රංජන් කස්තුරි)
මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.
මේ අතර මුඛ ආවරණ ඉතා ඉක්මනින් පාලන මිලකට ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම තමන්ගේ රටේ හදනවා නම් ලෝකෙට දත නියවාගෙන ඉන්නේ නැතිව ඉන්න එක තමයි වටින්නේ...
අශ්වයා ගියාට පස්සෙද... ස්ථාලයේ දොර වහන්නේ? පසුගිය දෙසැම්බර් වෙනකම් නිදාගෙනද හිටියේ?
දේශීය වගේම විදේශීය හැම රටකම ඉල්ලුමක් තියෙනවා. මේ වෙලාවේ මිලියන ගණනක් වුණත් හදලා විනිමය උපයන්නට පුළුවන්... දියුණු රටවල පවා මිලදී ගන්ට නැහැ. එකක් විකුණන්නේ ලංකා මුදලින් රුපියල් තුන්සීය කටත් අධික මුදලකට. උසස් නිපදවීමක් සිදුකළොත් දිගු කාලීන විදේශීය වෙළඳපලක් ස්ථාවර කරගන්නට පුළුවන්...
අඩුම තරමින් දැන්වත් දේශීය නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරනවා නම් වටිනවා. අපි ආනයනය කරන බොහෝ නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කළ හැකි දේවල්. මේවා දේශපාලකයින්ගේ අදුරදර්ශී භාවය නිසාමයි සිදුවන්නේ. තායිලන්තයෙන් සියඹලා ගෙන්නුවා, ඉන්දියාවෙන් වැකියුම් පැක් කරන ලද බඩඉරිඟු ගෙන්නුවා. චීනෙන් කොහුලණු ගෙන්නුවා. තවමත් ඉඳිකටුව, අැල්පෙනෙත්ත, හැට්ට කටුව හා කුඩා කොණ්ඩකටු යනාදියත් චීනෙන් ගෙන්නනවා. ඒ වුණාට අපි හරි අභිමානවත් ජාතියක්ලු. ඔව් ඒ ඉස්සර. පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලැබුණු කාලේ. ඊටත් කලින් රාවණාගේ කාලේ... නමුත් දැන් අපි පරාධීන ජාතියක්. පරිප්පු ටික, ලොකු ලූනු ටික, හාල්, මිරිස් සීනි වෙන දෙයක් තියා රට වටේටම මුහුද තියාගෙනත් ලූණු ටික හා කරවල, මාළුත් ආනයනය කරන තරමටම පහතට වැටිලා...
ෆාමසි වල මුඛ ආවරණ ගන්න නැහැ. දැන් නිෂ්පාදනය කරලා ඉවර වෙනකල් බලා හිටියොත්, මැරුණායින් පස්සේ තමයි මුඛ ආවරණ පළඳින්න වෙන්නේ... අනික ලංකාවේ විකුණන ගාණට දුප්පත් පවුලකට ඒ වියදම දරන්න අමාරුයි. ඡන්දෙට නිකන් බෙදන්න පුළුවන් නම් හොඳයි.
ඇති මේ වෙලාවේවත් රට ඇතුලේ දෙයක් නිෂ්පාදනය කරන්න හිතුණා. කලින් හැදුවා නම් අපනයනය කරන්නත් තිබ්බා...
ප්‍රමාද වී හෝ ගත් තීරණය අප අගයන්නෙමු. අප අදාළ ආයතනවලට උපරිම සහයෝගය කිසිඳු දේශපාලන බලාපොරොත්තුවක් නොමැතිව සහයෝගය දැක්විය යුතුයි.
හ්ම්... ඒකත් රටින් ගෙන්නන්න කම්මැලි ජාතියක්..