(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බිඳදමා වෙනත් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන වෙනත් පක්‍ෂවලට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී.ල.නි.ප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක් වෙනම සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩු පක්‍ෂ සන්ධානය කඩන්නට කිසිවකුට උවමනාවක් නැතැයි කී දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල පක්‍ෂ 10ක පමණ ප්‍රමාණයක් යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම වෙනම සන්ධාන හදන ක්‍රියාවලියක් නොව ආණ්ඩුව ශක්තිමක් කිරීමේ ක්‍රියාවලියක් බව ද කියයි.
එහි අරමුණ 69 ලක්‍ෂයක් වන ඡන්ද දායකයින්ට සාධාරණයක් ඉටුකිරීම මිස ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම නොවන බව ද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොම කඩන්නද? එතකොට අපේ පක්ෂයත් නෑ.. අපිට ඇපත් නැති වෙනවනේ...
සන්ධාන හැදිල්ල පැත්තක තියලා අතේ තියෙන රස්සාව රැකගන්න වැඩපිළිවෙලක් සූදානම් කරගත්තොත් හොඳයි. ඔන්න චිචී බබා උඩ ඇරපු රොකට්ටුවෙන් කුරුණෑගලට පාත්වෙලා මහ ඇමති පුටුවේ ඉඳගන්න යනවලු. බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතියත් පසෙක දාලා පසුගිය 7 වෙනිදා පඬුවස්නුවර, නල්ලුර ප්‍රදේශයේ පවුල් 350කට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියකට සහභාගි වෙලා දිග කතාවක් එහෙමත් කළා කියලයි කියන්නේ. එතෙන්දී එයා " ඇත්තටම කාර්ය බහුල සහ ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් අපි ඒවා පැත්තක දාලා තමුන්නාන්සේලාට සේවය කිරීමේ අවශ්‍යතාවය තියෙන නිසා තමයි අපි මේ ගම්මානවලට ආවේ." කියලාලු කතාව පටන් ගත්තේ. මීට කලිනුත් " තාත්තාට දැන් වැඩිය ඇවිද ගන්න බැරි නිසා මම ආවා" කියලා කුරුණෑගල පළාතේ දේශපාලන රැස්වීම් වල කිව්වෙත් මේ බේබිම තමයි. අපේ රටේ දේශපාලනයට තව රාජපක්ෂ කෙනෙක් වැඩි නැහැ කියලලු.. ඒ පැත්තේ අය කියන්නේ...
ඔහොමම ඉන්න , මෛත්‍රිට මොනවා වේවිද?
බල්ලාව මරවනකොට මැක්කෝ කැමති නෑ....
ඔය සන්ධානය කඩාගන්න එපා නිකන්ම ඊළග ඡන්දෙට කුණු කුඩේට විසිවෙලා යනවා
කට්ටියම එකතුවෙලා නිදහස් පක්ෂය බිල්ලට දුන්නාට පස්සේ දැන් ඉතිං ආය වෙන මොන සන්ධානද.. පුළුවන් තරම් කාලයක් සාටකේම එල්ලිලා ඉන්නවා මිසක්.
තියන සන්ධානේ කරන විනාශය ඇති... අපිට සන්ධාන නෙමෙයි මේ ඔක්කෝම අතුගෑවිලා යන්න ඕනැ..