
(ෂේන් සෙනෙවිරත්න)
යළිත් කිසිදු දිනක පක්ෂ දේශපාලනය නොකිරීමට ගත් තීරණය ආපසු නොහරවන බව සමගි ජන බලවේගයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකිර් මහතා පවසයි.
ඒ මහතා විසින් රචිත හෘද සාක්ෂිය හා සුපිරි බලයෙන් පාගා පාගා දමන උපන් බිමේ උරුමය පලස්තීනය නැමැති පොත මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ඒ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා යළිත් පැමිණ සභාපති ධුරය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බවත් තමන් ඉන් ඉවත් වූයේ යළි පක්ෂ දේශපාලනය කිරීමේ අදහසින් නොවන බවත් ඒ මහතා පැවසුවේය.
පවතින තත්ත්වය තුළ යළිත් කිසිදු දිනයක දේශපාලනයට නොඒමට තීරණය කර තිබෙන නමුත් රටේ අභිවෘද්ධිය උදෙසා තමන්ගෙන් ඉටුවිය යුතු සේවය ඒ ආකාරයෙන්ම ලබා දෙන බවද ඒ මහතා කීය.
අද වන විට ප්‍රචණ්ඩත්වය සමාජගත වී තිබෙන බවත් ජාති ආගම් කුල හා පන්තිභේද මුල් කරගනිමින් දශක පහක් පුරා රණ්ඩුවීමේ ප්‍රතිඵලය එය බවත් යහපත් හෙට දිනක් උදාකර දීම පිණිස සියලු දෙනා එකට එක්ව ක්‍රියා කරනු දැකීම තම අපේක්‍ෂාව බවද බාකිර් මාකර් මහතා පැවසුවේය.
පළාත් සභා ආණ්ඩුකාරවරු යටතේ පාලනය වීම සුදුසු නොවන බවත් මහජන නියෝජිතයන් ඒ සඳහා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බවත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගය කල යුතු තීරණයක් . ඔබට සුබ අනාගතයක් !