
(සුජිත් හේවාජුලිගේ )
රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඒ අනුව ජනාධිපතිවරයා උඩුබැද්දාව බුන්නැහැපොළ ගොවිපොළ අද උදේ නිරීක්ෂණය කිරීමෙන් පසුව අදහස් දක්වමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය
පසුගිය රජය පවා කෘෂි කර්මාන්තයේ මේක කරන්න උත්සාහ අරගෙන තිබෙනවා. නමුත් මේක අමාරු කාර්යයක්. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය අරගෙන නැහැ.
ජනතාව මා පත්කළේ පරිප්පුවල ගාන බලන්නයි සහල්වල ගාණ බලන්නයි නම් මගෙන් වැඩක් නැහැ. නමුත් මේ රටේ ඊට වඩා වැඩි වෙනසක් කළ යුතුයි. විශේෂයෙන් කෘෂි කර්මාන්තයේ .
මම අහපු දවසෙ ඉඳලා පොහොර නිකම් දුන්නා. ඒක කළේ ගොවියාගේ ජීවන තත්ත්වය නංවන්නයි . වී වලට සහතික මිල දුන්නෙත් අපි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකවත් හරියට කරගන්න බැරි එකනේ ප්‍රශ්නේ මහත්තයෝ...
ඒ ටික තේරුම් ගන්න ගිය කාලයක්. ඔය දකුණු අතේ රතුනූල් මිටිය බැන්ද නෝනාගෙන්වත් අහලා බැලුවොත් නරකද?
මේ වගේ උද්දච්ච මාන්නයෙන් පිරුණු පාලකයින් නම් මේ ලංකාද්වීපයේ මෙතුවක් කල් පහල වෙලා නැතුව ඇති. මේ මනුස්සයා හිතන්නේ තමුන් කරන කියන හැම දේම හරි කියලා. රජෙක් පිස්සෙක් වුණත් එකයි, පිස්සෙක් රජෙක් වුණත් එකයි.
කොහොමත් වැඩක් නෑ සර්... මොකුත්ම වැඩක් දන්නේ නැති... තර්ජනය කිරීම විතරක් දන්නා කෙනෙක් බව පැහැදිලියි...
කොහොමත් ඔය ජාති දෙක විතරක් නොවේ.. අනික් භාණ්ඩවලත් මිල පාලනය වෙන හැට් රට්ටු දන්නවනේ. ඔය දේ නැතුව අනික් වැඩ කරගන්න නම් ගෙනාවේ ඒ කරපුවා ගැන කියන්න. සැලැස්මක් නැතුව කාබනික පොහොර හුරු කරන්න ගිහින් එතන අවුලක්. කැබිනට් එක නොදැන ගිව්සුම් ගහලා එතන අවුලක්. ඇමතිලා ඔබ දෙන නියෝග ගණන් ගන්නෑ. එහෙන් ගහන ගැසට් රිවස්. අන්තිමේ ඔක්කොම රිවස්....
ඔය ඇත්තටමද කියන්නේ?
සැබැවින්ම එය එසේය ජනාධිපතිතුමනි, ඔබගෙන් රට අපේක්ෂා කරන්නේ සමස්ත ක්‍රමවේදයේ වෙනසකි. කිසිවකුට අනවශ්‍ය ඇගිලි ගැසීම්වලට ඉඩ නැති, දැඩි නීතිගරුක රටකි. එම තත්ත්වය ඇති කිරීමෙන් පසු හාල් පරිප්පු මිල ද නිසි තැනට පැමිණෙනු ඇත. වෙසෙසින්ම මුදලාලිලාට අවශ්‍ය ආකාරයට සියල්ල හැසිර වීමට නොහැකි වනු ඇත.
පරිප්පු, හාල්මිල බලනවා තියා ඔහේට කිසිම දැනුමක් නැහැනේ.. ඒකනේ දැන් මුලු රටම පරිප්පුවක් කරගෙන දඟලන්නේ...
එහෙනම් ඒ දවස්වල හාල් කඩ ගානේ ගියේ මොකද දන්නැහැ..
අනේද කියන්නේ...?
ඒකනේ කියන්නේ සර්... මේ රංචුවට කොච්චර කිව්වත් වැඩක් නැහැ... අපි තමයි හොඳටම කළේ කියලා... දැන් ඔයාගේ වැඩක් නැතිනිසා හෙමිහිට මාරුවෙලා යන්න හොඳේ...
ඒ විදියත් ලෙහෙසියි නේද?
ඔව් ඉතින් පඹයෙක් තරම්වත් වැඩක් නැහැ...
නොහැක්කක් නොමැත. හැක්කකුත් නොමැත. හැක හැක නම් ගෑ හැකිය...
එතකොට අර හාල් කඩේ මුදලාලිගේ පුටුවේ ඉඳගෙන කෙරුවේ මොකක්ද?
නෑ නෑ ඔයාව පත්කර ගත්තේ අපි තණකොළ කන්න හිතාගෙනනේ.. අපි මී හරක්නේ...
ඇත්ත නේන්නම්. ඔබතුමා පත් වුනේ නඩු ටික බලවාගන්න නොවැ... ඒ වැඩේ නම් අපරාදේ කියන්න බෑ ටක්කෙටම වෙනවා...
භූතානය කාබනික භෝග වගාව ප්‍රවර්ධනය සඳහා පර්යේෂණාත්මක ක්‍රියාමාර්ගයක් පටන්ගත්තේ 2003 වසරේදීය. භූතානයේ අරමුණ වූයේ 2020 වනවිට සියයට සියයක් ලෙස පරිසර හිතකාමී කාබනික භෝග වගාව ව්‍යාප්ත කිරීමටයි. නමුත් භූතාන රජයට 2020 වනවිටත් අරමුණ ඉටුකර ගැනීමට නොහැකි විය. එහෙම නම් අපට පර්යේෂණාත්මක ක්‍රියාමාර්ග කිසිවක් නොකර ක්ෂණිකව කාබනික පොහොර හුරුවී සාර්ථක ප්‍රතිඵලයක් ගතහැකිද?
පොහොර නිකං දීලා, වතුර නිකං දීලා අන්තිමට වී ටික ඩඩ්ලිට දෙනවා. ඩඩ්ලි හිතුණු හිතුණු ගානට අපිට හාල් දෙනවා. පොහොර ගෙන්නන්නත් වියදම රටේ ජනතාවගෙන්. වැඩිමිලට හාල් අරගෙන හූරගෙන කන්නෙත් ජනතාවමයි. මොකක්ද මේ විහිලුව...?
අපේ නංගි දඹදිව ගිය වෙලාවේ එහි ගමන් ගත් බසයේ රියදුරු කිව්වලු ලංකාවේ මිනිසුන්ට කනවා හැර වෙන දෙයක් නැහැ කියලා... ඇත්තටම මැතිතුමා ලංකාවේ මිනිස්සු හැමදාම බලාහිටියේ කන්නම බව 1953 හාල් සඳහා හර්තාලය.1965-1970 අතර හාල් සේරුවක් නොමිලේ දීම 1970 දී හඳෙන් හාල් දෙනවා කියා බලය ගැනීම 1977 68ක් කන්න ඡන්දය දීම... පාන් තුනයි පනහට කන්න 1994 ඡන්දය දීම පෙන්නන්න පුළුවන්.. ඔබතුමාට ලංකාවේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නෙත් කන්නම තමයි කියන සමීකරණය ගැලපෙනවා නේද?
නෑ..නෑ.. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වන්නේ සීනි වංචාව, මිනීමරුවන් නිදහස් කිරිම, වගේ එ්වා විතරයි.
දැනට කරපු එක වැඩක් කියන්න පුළුවන් නම්.... එකක්....
මෙහෙමත් මෝඩ කතා..
හාල් මිල ගැන බලාගන්නේ ඩඩ්ලි සිරිසේන, පරිප්පු මිල තීරණය කරන්නේ ඒවා ලංකාවට ගෙන්වන මුදලාලිගෙන් පගාව ගන්න නිලධාරීන්, ඔබතුමා සහල් සහ පරිප්පු මිල ගණන් බැලුවා කියන්න ඇත්තේ පත්තරෙන්ද.?
කාබනික පොහොර පිළිබඳ තීරණය හොද දෙයක්. එසේම කහ ඇතුලු දේශීය වගාවන් සිදු කිරීමද හොද තීරණයකි. එහෙත් කාල වකවානු ඇතිව මෙම තීරණ ගැනීම උචිත වනු ඇත.
ඔය කියන කාබනික පොහොර සාර්ථක නම් ගොවියන්ගේ කුඹුරු ටික බදු අරන් හමුදාව දම්මලා කුඹුරු කරන්න බැරිද.?
සිතුවේ ගෝඨාභය වීර රජකු ලෙසයි, නමුත් ඔබ විනාශකාරී කෙනෙක් බව තහවුරු කර ඇත. පාස්කු, කොවිඩ් මරන වලට අමතරව සාගත මරන වල පව් වලින් ආරක්ෂා වීමට හැකි අයෙකුට බාර දී යන්න.
අනේ අපිට කන්න තියෙන්නේ ඔය දෙක තමයි වේලක් හරි. ඒක ගැනවත් සොයන්න බැරිනම් අනෙත් දේවල් ගැන කුමන කතාද?
මේක සමහරුන්ට නොතේරෙන හැටි නේද සර්?
ඒකවත් හරිහැටි කරගන්න බැරිනං කරුණාකරල දාල යන්න
දැන් අගමැති ඒකාලේ බඩු මිල සහ ඒවායේ හිඟතාවය පෙන්නා සැපද කියලා ඇහුවේ, ඒවාට රජය වගකිවයුතු නැති නිසාද?
සර් තමයි හරියටම කරේ.
ඔබතුමා කටින් හිටවපු බතළ වැල් දැන් දිව්‍ය ලෝකෙට යනකන් වැවිල ඇති.
පවුලේ අය ඔක්කොම පාලනයේ සෑම අංශයකටම දාගෙන ඒකාධිපති වීම කිසිම කෙනෙකුගේ බලාපොරොත්තුවක් නොවේ. ලංකාවේ වෙන කවුරුත් නැද්ද?
මට තේරෙන පරිදි ජනාධිපතිවරණයේදී පරිප්පු හා සහල් වලට වඩා බොහෝ දුර සිතමින් ජනතාව ඡන්දය පාවිච්චි කළහ. ප්‍රශ්නය ජනාධිපතිතුමනි, ඔබතුමාට තේරුණත් නැතත්. මෙතෙක් මට පෙනුනේ ලංකා ඉතිහාසයේ කිසි දිනෙක ඔබට ඡන්දය දුන්නේ ඇයි කියා ඔබට කිසිඳු හෝඩුවාවක් නැති බවයි.
වැඩ බැරි ඇමතිලාට ගෙදර යන්න කිව්වේ ඔබතුමා නේද.? එහෙනම් ඔබතුමත් කරුණාකරලා ගෙදර යන්න. ඔබ පටන්ගත්ත එක වැඩක්වත් කෙරිලා නැහැ.
ඔබේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ වෙනුවෙන් නව රජයක් අවශ්‍ය යැයි මම සිතමි.
තකහනියක් ජාතිය අමතල කිව්වෙ පරිප්පු, සැමන් අඩු කලා කියල. එතකොට අමතක වෙන්න ඇති තමා ජනාධිපති කියලා.
ඔබතුමාව පත් කලේ දෙපාර්තමේන්තු ගානේ, පොළවල් ගානේ, ගම් ගානේ එහෙම යන්න විතරයි.
අපි ඔබතුමාව පත්කරගත්තේ ගොඩක් මහන්සි වෙලා. 69 ලක්ෂය බලාපොරොත්තු වුනේ විදේශ ආක්‍රමණ වලින් අපේ ජාතිය බේරාගනී කියලා. අපි හිතුවේ දේශීය දේ අපට ලබාදෙයි කියලා.
ඒ කතාවේ අර හාල් පරිප්පු කොටස ඉවත් කරල "මගෙන් වැඩ්ක් නැහැ' කියන කතාව පමනක් ගත්තොත් අන්න ඒක නම් සියයට සීයක් ඇත්ත.
අත්‍යවශයෙන්ම වැඩක් නැහැ. කරුණාකර මින්පිරියගේ සුරතල් බලන්න කාලයයි මේ ගත කරන්නේ. පුළුවන් කෙනෙක්ට දීලා යන්න. අපිත් කැමතියි.
ආපු අලුත ජාතිය අමතල සැමන් ,පරිප්පු මිල අඩු කරන කොට ඕක දැනගෙන හිටියෙ නැද්ද
ලංකාවේ ඉන්න කනබනයො සැනසුවේ නැත්තම් ඊලඟ ඡන්දෙන් ඔබතුමාට ගෙදර යන්න වෙන්නේ. ඊලගට එන අය ආපහු රසායනික පොහොර දෙයි. කරපු දේවල් වැඩක් නැති වෙයි.
ඔව්, ජනාධිපතිතුමනි, ගොබ්බයින් ලෝකේ දිහා බලන ක්‍රමයක් තිබෙනවා. කමෙන්ට් වලින් එ්ක තේරුම් ගන්න. බමුණුආරච්චි අනේක වාරයක් ලියලා තිබෙනවා අපි මේ රජය පත්කර ගත්තේ ලාබෙට කන්න නොවෙයි කියලා....