නාලක සංජීව දහනායක
2020 වසර තෙක් වත්මන් ආණ්ඩුව බලයේ සිටින බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීම පිළිබඳව පැතිර යන කතා පට්ටපල් බොරුවක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ආණ්ඩුවක් බලයට පත්විය යුත්තේ මහජන ඡන්දයෙන් මිස කුමන්ත්රණවලින් නොවන බව කී අමාත්‍යවරයා කැමැති ඕනෑම අයකුට ජනාධිපතිවරයා සමඟ හෝ වත්මන් ආණ්ඩුව සමඟ එක්වී කටයුතු කළ හැකි බවද කීය.
ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීමේ සූදානමක් නැති බවත් එම කතාව කවුරුන් පැවසුවාදැයි තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳට මතක තියාගන්න මහත්තයෝ ..ඊලඟ පාර ඔහේලාව භාර ගන්න මොකෙක්වත් නැති වෙයි.. ඔහෙලා රටට කරපු මේ විනාශයට මිනිස්සු මහමග පහරදෙන දවස වැඩි ඈතක නෙමෙයි..
ඔව් අනේ.... ඔබතුමාලා බයවෙන්න එපා..... අපි බලාගෙන ඉන්නේ ඊළඟ පාරටත් ඔබතුමන්ලා පත්කරගන්න.............
මහින්ද පැරදුණු දවසේ ඉඳලා එකඑක නම් හදාගෙන ආණ්ඩුව පෙරලන්න එනවා. මහලු කට්ටියකුත් ඒ පිටුපස ඉන්නවා. මේ දේශපාලකයින් හිතන් ඉන්නේ රට අයිති එයාලට විතරයි කියලා. එ්කනේ තමාට ඕනදේ කරන්න බලන්නේ... කවදාවත් ජනතාව නැතිව කිසිමදෙයක් කරන්න බැහැ. හැන්ද තියෙන්නේ ජනතාව අතේ... දැන් රටයන විදිය දැක්කම හැන්ද විසිකරලා පොල්ල අරගනියි ලඟදීම ගෙවල් ගානේ යන්නේ... බලාගෙනයි
ආරංචියි ආරංචියි භාරකාර ආණ්ඩුව හදන්න හැදුවේ ඩිල් දාන්න කියලා. නැතිව ජනතාවට ආදරේට නොවෙයිලු.
ඒකාබද්ද ජවනිකා කිරිපැකට් එකට සතියයි බාර කාර ආණ්ඩුවට සතියි දෙකයි ඊලග සතිය? මොකක්ද දන්නේ නැහැ