ෂේන් සෙනෙවිරත්න
මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් (70) නැමැති අයකු බවද පොලිසිය කියයි.
මියගිය අය දීර්ඝ වේලාවක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඒ වන වන විටත් පැවති දැඩි අව්ව නිමා කරමින් මහනුවර නගරයට වර්ෂාව කඩා හැලිමත් සමග ඔහු පෝලිමේ ඇද වැටුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු රටේ පාලකයින්ගෙන් වැඩි දෙනෙකුට වඩා වයසින් අඩු අයෙක්... ඔහුගේ ජීවිතයටත් වටිනාකමක් ඇත. අපි මේ තත්වයට කණගාටු විය යුතුය.