(එම්.සුසිල් ප්රියන්ත සහ ජනක් ද සිල්වා)
සිය මාස දෙකහමාරේ බිළිඳිය ළිඳට වීසි කළ මවක් අද (02) ඇල්පිටිය කහදූව තුඩුවෙගොඩ ප්රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකාර මව සිය කිරිකැටි දියණිය ළිඳට දමා අනතුරුව, සිය දියණිය ළිඳට දැම්මේ යයි කෑ ගසා ඇති බවත් ඒ අනුව වහාම ක්රියාත්මකවූ ඇයගේ සැමියා ළිඳ තුළ පාවෙමින් සිටි දියණිය ගොඩට ගෙන අසල්වාසීන්ගේද සහයෝගයෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ නිසාම එම කිරිකැටියාගේ දිවි බේරී ඇති බවත් පොලීසිය කියයි.
කිරිකැටියා දැමූ ළිද නොගැඹුරු එකක් බවත් ඒ නිසාම බිළිඳිය බේරාගැනීමට හැකිව ඇති බවත් කියයි. බිළිඳියගේ තත්ත්වය බරපතල නොවන බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd