(ඩී.ජී.සුගතපාල)
බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින සැකකාර ධීවරයින් හයදෙනා තවදුරටත් පෙබරවාරි 7වන දින දක්වා බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(24) නියෝග කළේය.
මෙසේ තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොහොමඩ් නියාස් මොහොමඩ් සහරාන්, සන්දාදුර චමින්ද චතුරංග සිල්වා, අබ්දුල් හලිස් මොහොමඩ් පසාල්, අහමඩ් සමින් මොහොමඩ් ඉනාස්, මොහොමඩ් මුසම් මොහොමඩ් අෆ්රාස්, වීරවර්ධන ඉන්දික තුෂාර සිල්වා යන අයයි.
සැකකරුවන් ඉකුත් 6වන දින බේරුවල ධීවර වරායෙන් බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇත. ගාල්ල මුහුදු තීරයේදි නාවික හමුදාව පරීක්ෂා කිරීමේදී යාත්‍රාව තුළ තිබී පාර්සල් 9ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15ක් සමඟ ධීවරයන් පසුගිය 7 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. පසුව ධීවරයින් සමග යාත්‍රාව මාගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් වෙත බාරදී තිබිණි.
පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ සැකකාර ධීවරයින් මෙම ගංජා තොගය සී ෂෙල්ස් දූපත්වලට ප්‍රවාහනය කරමින් තිබී ඇති බවය. ඈත මුහුදේදි සී ෂෙල්ස් දුපතේ සිට පැමිණෙන බෝට්ටුවලට මෙම ගංජා පටවා එම බොට්ටුවලින් ගෙන එනු ලබන වෙනත් මත්ද්‍රව්‍ය බහුදින යාත්‍රාවට පටවාගෙන එන බවත් පරීක්ෂණවලදි වැඩිදුරටත් අනාවරණයවී තිබේ.
ඒ අනුව 7 වන දින මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකිරීමට ලැබූ නියෝගය අනුව ඔවුන් අද දක්වා බන්ධනාගාර ගතකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.. බෝට්ටුවත් රාජසන්තක කරලා උපරිම දඬුවමක් දෙන්න ඕනෑ..
බොරුවට අත්අඩංගුවට අරන් කන්න බොන්න දිදී ඕවා ඇතුලේ තියන් ඉඳලා තේරුමක් නැහැ. දෙතුන් දෙනෙක්ව එල්ලන්නම වෙනවා ඕවා නවත්වන්න. මෙහෙම හුරතල් කිරීමෙන් වෙන්නේ ඔය වුවදුර කිසිම බයක් නැතුව වර්ධනය වෙන එක විතරයි. දැන් මෙතනම පැහැදිලියිනේ මේ මිනිස්සු රටතුළට මත්ද්‍රව්‍ය අපනයනය සහ ආනයනය කරන කට්ටියක් බව... අැයි මේ මිනිස්සු කවුරු එක්කද ගනුදෙනු කරන්නේ කියලා හොයලා අල්ලගෙන ඒ මිනිස්සුන්ගේ හරහා තවත් ඉහළින් ඉන්න කට්ටියවත් අල්ලගෙන ඒ වගේ අන්තිම පුරුකට එනකන් යන්න. නොයන්න හේතුව මොකක්ද? බලගතු හස්තද ක්‍රියාත්මක වෙන්නේ? මෙක්සිකෝවේ නම් රාජ්‍ය අනුග්‍රහය මත කුඩු රජෙක්ව තෝරලා බලය පවරනවා ඔහු හරහා ඇමරිකාවට කුඩු ටික අපනයනය කරන්න. ලැබෙන ආදායමෙන් ආණ්ඩු පක්ෂයේ ඡන්ද කටයුතු වලට මුදලක් සහ රටේ විවිධ කටයුතුවලට දෙන්න ඕනෑ. ඒ හින්දා මුළු මෙක්සිකෝවම දන්නවා කුඩු රජා කවුද කියලා. නමුත් ලංකාවේ කුඩු කන්ටේනර් පිටින් රටට ඇතුල් වුණත් මොකද කුඩු ගේන්නේ කියලා කිසිම කෙනෙක් හරියටම දන්නේ නැහැ.