(සුජිත් හේවාජුලිගේ )
රටපුරා හෝටල් සහ ආපනශාලාවලින් සියයට අසූවක් පමණ ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය හේතුවෙන් මේවනවිට වැසීගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
එසේම රජයේ සහ පෞද්ගලික ආයතනවල පවත්වාගෙන ගිය ආපනශාලාවලින් සියයට 50ක්ද ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වැසී ගොස් ඇතැයි සඳහන් කළ සභාපතිවරයා ඉන්ධන ප්‍රශ්නය දිගටම පැවතිය හොත් රටපුරා සියලුම හෝටල් සහ ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ කළේය.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා ජනතාව හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 50කින් පමණ අඩු වී ඇති බවත් හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ජනතාව අද දවසේ වැඩිවී ඇති බවත් සම්පත් මහතා පැවසුවේය.
හෝටල් සහ ආපනශාලා සඳහා භාණ්ඩ සැපයුම් කටයුතු ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයිද ඔහු සඳහන් කළේය.
පවතින තත්වය යටතේ හෝටල් සේවකයන් රැසක් ඒ රැකියා අතහැර කුලී වැඩ සඳහා ගොස් ඇති බවත් හෝටල් සහ ආපනශාලා සඳහා සේවකයන් සොයාගැනීමද මේනිසා දුෂ්කරවී ඇති බවත් සභාපතිවරයා කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘බොහෝ පිරිසක් කෑම බලලා වතුර බීල යනවා‘‘
යෝගා Friday, 01 July 2022 02:34 PM
ගිනි ගනන් දීලා කඩවල් වලින් ජරාව කනවට වඩා හොඳයි ගෙදරින් මොනවා හරි ඔතාගෙන ඇවිත් කනවා.
Bamunuarachchi Friday, 01 July 2022 06:53 PM
දැන් මිනිස්සු දන්නවා හෝටල් කාරයින් ළඟ තිබෙන්නේ, පිළුණු කෑම කියලා. නරියා මිදි එපා කිව්වෙත් ඒකයි.
Bamunuarachchi Friday, 01 July 2022 06:55 PM
අධික ලාබ ගන්න ගියාම ඔහොම වෙනවා...