(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස් රථ හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා නීතිය ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඒ අනුව අන්තර් පළාත් බස්රථ 17ක සහ දිස්ත්‍රික් අතර ධාවනය වන බස් රථ බස්රථ පනහකට අධික සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා එම බස් රථ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ඇමතියා. මිනිස්සුන්ට වැඩට එන්න අනිවාර්ය කරලා ඒකට සමාන්තරව ප්‍රවාහන සේවය නොදුන්නාම මිනිස්සු යන්නේ වාසුලගේ කරේද? තමුන් දන්නේ බේබද්දා වගේ බොන්නයි විතරයිනේ... පිනට ඇමතිකම් ගත්තා නම් කට පියාගෙන ඉන්නවා හලෝ ගොන් කතා නොකියා...
අහෝසි කරන්න දෙයක් තියෙනව ද? තව ටික දවසකින් බස් මුදලාලිලායි සේවකයොයි බඩගින්නේ මැරෙනවා.
එතකොට දුම්රිය ? ඒකට කමක් නැද්ද. ඇයි අප්පා මිනිසුන්ට වැඩට එන එක අනිවාර්ය කරල, ප්‍රවාහනය දෙන්නෙ නැතිව මොනවා කරනවාද මන්දා . අන්තිමට බස් වලදි කොරෝනා හැදෙන්නේ , කෝච්චි වලදි නෑ . මාර ලොජික් තමයි ඉතින්