(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බස්නාහිර පළාතෙන් පිටව යන මගීන් සඳහාඅද (30) සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත වූවන් එකොළොස් දෙනකු හඳුනා ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොළඹ නුවර මහා මාර්ගයේ දන්ඕවිට පැවති ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී කොරෝනා ආසාදිත වූවන් දස දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොළඹ කුරුණෑගල මාර්ගයේ හද්දාමුල්ල හන්දිය සිදු කෙරෙන පරීක්ෂණවලදී එක් ආසාදිතයකු හඳුනාගෙන ඇත.
මෙම එකොළොස් දෙනා හඳුනාගෙන ඇත්තේ පරීක්ෂාවට ලක් කෙරුණු 250ක පිරිස අතරිනි. හමුවූ ආසාදිතයින් අද 30 සවස ම රෝහල්ගත කිරීමට පියවර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd