(ඩී.කේ.රත්න )

බදුල්ල බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප‍්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස්රථයක් අද (23) සවස මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි හාලිඇල පොලිසිය පවසයි.

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතයි පොලිසිය කියයි.