(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිවසේ ඇති කරන බැල්ලියකගෙන් කිරි උරා බීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ආ අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවකු පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම බැල්ලියගේ පැටවුන් කිරි උරා බොන ආකාරයට එම දරුවාද කිරි උරා බී ඇත.
එම අවස්ථාවලදී නිවසේ සුරතලයට ඇති කරන බැල්ලියගෙන් දරුවාට කිසිඳු කරදරයක් සිදු වී නොමැති අතර ඌ ද තම පැටවුන් කිරි උරා බොන ආකාරයට දරුවාට කිරි උරා බීමට ඉඩ ලබා දී තිබෙන බව දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් ඒ ආකාරයට තම දරුවා බැල්ලියගේ කිරි උරා බොන අයුරු මව විසින් දැක දරුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එම දරුවාට ජල භීතිකා එන්නත ලබා දුන් බවත් දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි...
කොහොම උනත් ඌරු තෙල් නැති නිසා නවසීලන්ත පිටිකිරි වලට වඩා ගුණ ඇති. මිනිස් ශරීරයට අහිතකර වෙන්න කොහෙත්ම විදිහක් නැත. ප්රශ්නය දරුවා පුරුද්දකට ගත්තොත් තමයි.